ඉකුත් වසර පහේදී රාජ්‍ය බැංකු හතර තුළ සිදුවූ අක්‍රමිකතා, ඵලදායි නොවූ ක්‍රියා සහ අරමුණුවලට පටහැනිව කටයුතු කළ අවස්ථා සොයා බලා වාර්තාවක් සැපයීම සදහා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි.
ඒ අනුව, කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණදෙන අභියෝග ජය ගැනීම සඳහා රාජ්‍ය බැංකු හතර සහ ඊට අනුබද්ධ ආයතනවල පවත්නා යාන්ත්‍රණය විධිමත් කිරීම සදහා අවශ්‍ය වටපිටාව සකස් කරලීම සහ 2015 ජනවාරි 8 වනදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා සහ ඵලදායි නොවූ ක්‍රියාවන් මෙන්ම, ඒවායේ සිදු වූ ගණුදෙනු පිළිබද විධිමත්ව අධ්‍යයනය කිරීමට මෙම සිව් පුද්ගල කමිටුව පත් කර තිබෙනවා.
හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, මාස 3ක් ඇතුළත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි