තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී ඊයේ (18) පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසාන තරඟය ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමෙන් පසුව පැවසුවේය.
තමන්ට ලෝක ශුරයකු ලෙස තවත් තරඟ කිහිපයක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව මෙසී ආර්ජන්ටිනාවේ මාධ්‍ය වෙත පවසා ඇත. තමන් පාපන්දු ක්‍රීඩකයකුට ලබා ගත හැකි සෑම කුසලානයක්ම ලබා ගත් බවත් අඩුව තිබූ ලෝක කුසලානයද අවසානයේ දිනාගත් බවත් මෙසී ප්‍රකාශ කර තිබේ.
නමුත් මෙය තමන්ගේ අවසාන ලෝක කුසලානය වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ඔහු අඩිඩාස් ගෝල්ඩන් බෝල් සම්මානයද දිනා ගත්තේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට