2022 අගෝස්තු 15

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යටත්විජිතකරණ නිදහසට විරුද්ධ වූ ලෝකය.

2021 වන විට ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 73කි. 1945 සිට 1960 දක්වා කාලය තුළ ආසියාවේ මෙන් ම අප්‍රිකාවේත් නව ප්‍රාන්ත දුසිම් තුනක් ඔවුන්ගේ යුරෝපයීය යටත් විජිත පාලකයින්ගෙන් ස්වාධීනත්වය හෝ පූර්ණ ස්වාධීනත්වය අත්කර ගත්හ. මෙම යටත්විජිතකරණය අවසන් කරවීම සඳහා වඩාත් උපකාර කළේ බ්‍රිතාන්‍ය අගමැති හැරල්ඩ් මැක්මිලන් ය.

ප්‍රථමයෙන් අධිරාජ්‍යවාදීන් සතු ව යටත්විජිතකරණය අවසන් කිරීමේ ක්‍රියාවලියක් නොතිබිණි. ඇතැම් ප්‍රදේශවල එය සාමකාමී ව හා විධිමත් ව සිදු විය. එනමුත් ශ්‍රී ලංකාව වැනි තවත් බොහෝ අයට නිදහස ලැබුණේ විප්ලවයකින් පසුව ය.  මෙලෙස අලුතින් ස්වාධීන වූ රටවල් කිහිපයක් වහාම ස්ථාවර ආණ්ඩු ගොඩනඟා ගත්හ. තවත් සමහරු දශක ගණනාවක් තිස්සේ ඒකාධිපතියන් හෝ මිලිටරි ජුන්ටාවන් විසින් පාලනය කරනු ලැබූහ. එසේත් නැතහොත් සිවිල් යුද්ධවලට දීර්ඝකාලීන ව යට වූහ. සමහර යුරෝපීය ආණ්ඩු ඔවුන්ගේ පෙර ජනපද සමඟ නව සම්බන්ධතාවන් ගොඩ නඟා ගත් අතර තවත් සමහරු යුධමය වශයෙන් යටත් විජිතකරණයෙන් මිදීම වෙනුවෙන් තරඟ කළහ. 

යටත් විජිතකරණය අත්හැරීමේ ක්‍රියාවලිය හේතුවෙන් සෝවියට් සංගමය සහ එක්සත් ජනපදය අතර අලුතින් සීතල යුද්ධයක් ඇති විය. එසේ ම එම සිදුවීම නව එක්සත් ජාතීන්ගේ මුල් කාලීන සංවර්ධනයට ද බලපෑවේ ය. මුල් කාලයේ දී යටත්විජිතකරණය හරහා ලොව පුරා රටවල් සුපිරි බලවතුන් බවට පත් වීමේ තරඟයට එක් විණි. කෙසේ වෙතත් එම තරඟයේ පරිණාමය කෙරෙහි නිශ්චිත බලපෑමක් ඇති කළේ යටත්විජිතකරණය අත්හැරීමේ ක්‍රියාවලිය යි. එය ජාත්‍යන්තර සබඳතාවල රටාව ද සැලකිය යුතු අන්දමින් වෙනස් කළේය.

යටත්විජිතකරණය ඉවත් කිරීම හරහා නව රටවල් රාශියක් නිර්මාණය වූ අතර ඒවායින් සමහරක් උපායශීලී අන්දමින් සිය ස්ථාන අත්පත් කර ගත්හ. සැලකිය යුතු ස්වාභාවික සම්පත් ප්‍රමාණයක් පැවැතිය ද ශ්‍රී ලංකාව වැනි බොහොමයක් රටවල් සිටියේ දුප්පත් වී ය. ඔවුන් නඟා සිටුවා තිබුණේ යටත්විජිතකරණය විසිනි. කෙසේ වෙතත් යටත්විජිතකරණය අත්හැරීම හරහා එක්සත් ජාතීන්ගේ සංයුතිය හා ලෝකයේ සෑම කලාපයකම දේශපාලන සංකීර්ණතාව ද වෙනස් විය. එහෙයින් 19 වන සියවසේ මැද භාගයේ සිට අග භාගය දක්වා යුරෝපීය බලවතුන් විසින් අප්‍රිකාවේ සහ ආසියාවේ බොහෝ ප්‍රදේශ යටත්විජිතකරණයෙන් ඉවත් කරන ලදී. 

අධිරාජ්‍යවාදය තුළ ගතවුණු දශක ගණනාව තුළ යුරෝපයේ කාර්මිකකරණ බලවතුන් අප්‍රිකානු මහද්වීපය සහ ශ්‍රී ලංකාව ද ඇතුළත් ආසියානු මහාද්වීපය දෙස බැලුවේ සිය අනාගත ජනාවාස සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ශ්‍රමය සහ භූමිය යනාදිය පරිත්‍යාග කිරීමට සැදී පැහැදී සිටින සම්පත් ලෙසිනි. කෙසේ වෙතත්, බොහෝ අවස්ථාවන්හි දී, මෙම ජනපදවල සැලකිය යුතු සංවර්ධනයක් සිදු කිරීමට යුරෝපීයයන්ට හැකි වූ අතර ඊට හිලව් වශයෙන් වරින් වර යුරෝපයීය ජනාවාසකරණය ද සිදු කෙරිණි.  මෙසේ ආක්‍රමණය කරන ලද යටත් විජිත, ස්වාභාවික හා ශ්‍රම සම්පත් සඳහා යොදා ගැනුණු අතර සමහර විට එම රටවල හමුදා බලහත්කාරයෙන් සූරාකෑමට ලක් වූහ. ඊට අමතරව, යටත් විජිත පාලනය හඳුන්වාදීම හේතුවෙන් මින් පෙර කිසිවිටෙකත් එම ප්‍රදේශවල දක්නට නොතිබූ අත්තනෝමතික ස්වාභාවික මායිම්, ජනවාර්ගික හා භාෂාමය කණ්ඩායම් සහ ස්වාභාවික භූගෝලීය බෙදීම් ආදිය ඇති විය. එහෙයින් යටත්විජිතකරණය අවසන් කරවීම ජනවාර්ගික හා දේශපාලන බැඳීම් නොමැති රාජ්‍යයන් ගණනාවක් බිහි කිරීම සඳහා අඩිතාලම දැමීය.

දෙවන ලෝක යුධ සමයේ දී සැලකිය යුතු අධිරාජ්‍ය බලවතෙකු බවට පත් වූ ජපානය විසින් යුරෝපයීය බලවතුන් ආසියාවෙන් පලවා හැරියේය. 1945 දී ජපානය යටත් වීමෙන් පසු වුව ද හිටපු ආසියානු ජනපදවල ප්‍රදේශීය ජාතිකවාදී ව්‍යාපාර එක් ව යුරෝපයීය යටත් විජිත පාලනයට නැවත පැමිණීමේ අදහස පසෙක ලා නිදහස සඳහා උද්ඝෝෂණය කළහ. බොහෝ අවස්ථාවල දී, ඉන්දුනීසියාවේ සහ ප්‍රංශ ඉන්දුචිනාහි මෙන්, මෙම ජාතිකවාදීහු ද ජපන් ජාතිකයින්ට එරෙහිව සටන් කරන ගරිල්ලන් බවට පත් වූහ. නැතහොත් යටත්විජිත හමුදා ආයතනවල හිටපු සාමාජිකයන් බවට පත් වූහ. එසේ ම බොහෝ විට මෙම නිදහස් ව්‍යාපාරවල පිරිස එක්සත් ජනපද රජයෙන් සහාය ඉල්ලා සිටියහ.

එක්සත් ජනපදය සාමාන්‍යයෙන් ජාතික ස්වාධීනත්වය පිළිබඳ සංකල්පයට සහයෝගය දැක්වුව ද, අධිරාජ්‍යවාදී හිමිකම් ඇති යුරෝපයීය සහචරයින් සමඟ ද ශක්තිමත් සබඳතා පැවැත්වීය. කෙසේ වෙතත් ආරම්භ වූ සීතල යුද්ධයෙන් එක්සත් ජනපදයේ ස්ථාවරය අවුල් විය. එහෙත් කොමියුනිස්ට්වරුන්ගේ ව්‍යාප්තිය සහ යුරෝපයේ සෝවියට් මූලෝපායික අභිලාසයන් පිළිබඳ ඇමරිකානුවන් දැක්වූ විරෝධතාව හේතුවෙන් යටත් විජිතකරණය සඳහා එක්සත් ජනපදයෙන් ලද සහයෝගය වඩාත් දැඩි විය. 

මේ අතර නේටෝ රටවල් කිහිපයක ම මතය වූයේ සිය යටත්විජිතවලින් ඔවුන්ට ආර්ථික හා මිලිටරි ශක්තිය ලබා දී ඇති බව යි. එහෙයින් එම ප්‍රදේශ අත්හැරීමෙන් සිය රටවලට නොමිළයේ ලැබුණු බොහෝ සම්පත් අහිමි වනු ඇති බව යි. එක්සත් ජනපදයේ යුරෝපයීය සහචරයින් සියල්ලෝ ම පාහේ විශ්වාස කළේ දෙවන ලෝක සංග්‍රාමයෙන් යථා තත්ත්වයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව වැනි යටත් විජිතයන් හරහා සිමෙන්ති, නිමි භාණ්ඩ සඳහා අමුද්‍රව්‍ය සහ ආරක්ෂිත වෙළඳපොලවල් ඒකාබද්ධ කර ගැනීමට හැකි වනු ඇති බවයි. තත්ත්වය එසේ වුවත් නැතත්, යටත්විජිතයන් හට ලිස්සා යෑමට ඉඩ දීමෙන් බලවත් රටවල ආර්ථික ක්ෂේත්‍රයට බලවත් පාඩුවක් වනු ඇති බව පශ්චාත් යුධ ස්ථාවරත්වය ගැන උනන්දුවක් දක්වන සෑම යුරෝපයීය රජයක් ම දැන සිටියේ ය. එහෙයින් කපටි වූ එක්සත් ජනපද රජය, තම යටත්විජිත පසෙක තබා ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි බ්‍රිතාන්‍ය යටත්විජිත නිදහස් කරවීමට වැඩි වැඩියෙන් උනන්දු විය. ඊට ආදර්ශයක් වශයෙන්  එක්සත් ජනපදය 1946 දී පිලිපීනයට නිදහස ලබා දුන්නේය.

ඇමරිකානු රජය තුන්වන ලෝකයේ අලුතින් ස්වාධීන වූ ජාතීන් හට සිය නව ආණ්ඩු සම්මත කර ගැනීම සඳහා උදව් කළේ් ය. ඔවුන් දිරිගැන්වීම සඳහා ආධාර පැකේජ, තාක්ෂණික සහාය සහ මිලිටරි මැදිහත්වීම් පවා භාවිත කළේ ය. ඒ අතර ම කොමියුනිස්ට් කණ්ඩායමට බැඳීමට නව ජාතීන් දිරිගැන්වීමේ උත්සාහයක් ලෙස සෝවියට් සංගමය ද ඊට සමාන උපක්‍රම භාවිත කළ අතර කොමියුනිස්ට්වාදය යනු සහජයෙන්ම අධිරාජ්‍යවාදී නොවන ආර්ථික හා දේශපාලන මතවාදයක් බව අලුතින් යටත් විජිතකරණය වූ රටවලට ඒත්තු ගැන්වීමට රුසියානුවෝ උත්සාහ කළහ.  නව ජාතීන් බොහෝමයක් සීතල යුද්ධයට ඇදී යාමේ පීඩනයට විරුද්ධ වූ අතර 1955 බන්ඩුන්ග් සමුළුවෙන් පසුව පිහිටුවන ලද “නොබැඳි ව්‍යාපාරයට” සම්බන්ධ වී තම තමන්ගේ අභ්‍යන්තර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළහ.

1950 සහ 1960 ගණන්වල දී අලුතින් ස්වාධීන වූ රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බල තුලනය වෙනස් කිරීමේ වැදගත් සාධකයක් බවට පත් වූහ. 1946 වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 35ක් සිටිය ද “තුන්වන ලෝකයේ” අලුතින් ස්වාධීන වූ ජාතීන් සංවිධානයට එක් වූ හෙයින් 1970 වන විට සාමාජිකත්වය 127 දක්වා ඉහළ ගොස් තිබුණි. 

මෙම නව සාමාජික රටවලට ආවේණික වූ පොදු ලක්ෂණ කිහිපයක් විය. ඔවුන් සුදු ජාතිකයින් නොවූ, සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සමඟ, සිය යටත් විජිත අතීතයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අභ්‍යන්තර ගැටලුවලට මුහුණ දෙමින් සිටි ජනතාවක් වූ අතර, ඇතැම් විට ඔවුහු යුරෝපීය රටවල් සමඟ ගැටී යුරෝපීය විලාසිතාවේ රාජ්‍ය ව්‍යුහයන්, දේශපාලන අදහස් සහ ආර්ථික ආයතන පිළිබඳව සැක පහළ කළහ. මෙම රටවල් ද දිගින් දිගටම යටත් විජිතකරණ සංකල්පය අත්හිටුවීම සඳහා හඬ නගන අය බවට පත් වූහ. එහි ප්‍රතිඵලය වූයේ ස්වයං පාලනය සහ යටත් විජිතකරණය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සභාව බොහෝ විට ආරක්ෂක මණ්ඩලයට වඩා ඉදිරියෙන් සිටීමයි. මේ අතර සමහර ජාතීන් දිගින් දිගටම නිදහස සඳහා අරගල කළ අතර ජාත්‍යන්තර ප්‍රජාව දෙස බලන විට යටත් විජිත යුගය අවසන් වෙමින් පවතින බව පෙන්නුම් කෙරිණි.

අප අසල්වැසියන් වූ ඉන්දියාවට නිදහස ලැබුණේ අපට වසරකට පමණ පෙර ය. දෙපාර්ශවය ම එක බෝට්ටුවේ වැටී සිටි හෙයින් ඉන්දියානු රජයට අවශ්‍ය වූයේ අපට ද ඔවුන් හා සමඟ ම නිදහස රැගෙන දීමට ය. එහෙත් මෙහි සැඟවුණු න්‍යාය පත්‍රය හඳුනා ගැනීමට එකල ශ්‍රී ලාංකිකයන්ට හැකි වූ බව පෙනේ. මන්දයත් ඉන්දියානුවන්ගේ අරමුණ වූයේ “දෙරටට ම එකම විටෙක නිදහස ලැබුණේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වන බැවින්” බව ලෝකයාට ඔප්පු කිරීම ය. මෙය වටහා ගත් ලාංකිකයෝ වෙර යොදා, කෙසේ හෝ අපගේ නිදහස තවත් මාස ගණනක් පසුපසට දමා ගත්හ. එසේ නොවූවා නම් 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් ගැළවුණත්, අදටත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ යටත්විජිතයක් බවට පත් ව තිබීමට ඇති ඉඩකඩ බොහෝ වනු ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි.