එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (28) පැවති රැස්වීමක් අතර තුර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.
තෙවරප්පෙරුම මහතා තම කතාව තුල දී එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක් කර තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා පිළිබද තම ප්‍රසාදය පල කරමින් අදහස් පල කර ඇති තෙවරප්පෙරුම මහතා පක්ෂයට එරෙහිව වෙනත් පක්ෂ වලට සහය දැක්වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීම අනිවාර්යයෙන්ම කල යුතු බව පැවසීමත් සමග මෙම උණුසුම් කතා බහ නිර්මාණය වී තිබෙනවා.
එහිදී තෙවරප්පෙරුම මහතාගේ කතාවට බාධා කරමින් පුද්ගලයෙකු අදහස් පල කිරීමට යාමත් සමග මෙම ගැටුම්කාරී තත්වය නිර්මාණය වී ඇති අතර ඊට මැදිහත් වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින් ගැටුම සමතයකට පත් කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් එම රැස්වීමෙන් පසුව අම්පාරේ පැවති ජන හමුවකදී තෙවරප්පෙරුම මහතා පැවසුවේ අදාළ ගැටුම ඇති කර ගත් සභාපතිවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම නියෝජනය කරන දුලිප් වෙදආරච්චි මහතාගේ මස්සිනා කෙනෙකු බවයි.
අදාළ සම්පූර්ණ වීඩියෝව පහළින් බලන්න..
අත නොහැර කියවන තැන
ආනයනික කිරිපිටි බද්ද ඉහළට
ඊබ්‍රහිම් ගැන අනුර කට අරී
කොළඹට හෙට (23) පැය 12 ක ජල කප්පාදුවක්