Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මෛත්‍රීගෙන් අලුත් කතාවක්

තමාව 2010 වසරේදී සෞඛ්‍ය ඇමති ලෙස පත් කළේ නැත්තටම නැති කරන්නට යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමා අමාරුවේ දාන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කළත් නතර වූයේ තමා ජනාධිපතිවරයා වීමෙන් යැයිද නව සෞඛ්‍ය අමාත්‍යවරයාට ද ඒ කාරණය මතක් කළ යුතුව ඇතැයි ද මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කීය.

සෞඛ්‍ය අමාත්‍යංශය වංචා දූෂණ ගැන බොහෝ නම ගිය තැනක් බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

About The Author