අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග බොහෝ දුරට 2021 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් පවසනවා.
සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වුවහොත් මාස 03ක කාලයක් තුලදී එනම් ජුනි මාසය වන විට විභාග ප්‍රථිපල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
විභාගය මාර්තු මාසයේ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත්, එය තවදුරටත් කල් දැමීමට අවශ්‍ය නොවන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
අමාත්‍ය ජී. එල්. පීරිස් වැඩිදුරටත් කියා සිටියේ ජූලි මාසයේ සිට අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.
2021 මාර්තු මාසයේදී විභාග පැවැත්වීම සඳහා සුදුසු දින 09 ක කාලයක් පිළිබඳව තීරණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය බලධාරීන් සහ අනෙකුත් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පවසා සිටියා.
මේ අතර ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රථිපල මාස හතරකින් නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසා සිටිනවා.
ඒ අනුව 2021 මාර්තු වන විට ප්‍රථිපල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි