මෙවර මහමැතිවරණය සදහා තරගකාරී තරුණ නව දේශපාලන ආගමනයන් රැසක් සිදු වුණා. ඒ අතරින් කොළඹ දිනන සටනට ඉදිරිපත් වී ඇති නවක අපේක්ෂකයන් රැසක් පිළිබද මේ දිනවල සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා. ඒ අතරින් සමගි ජන බලවේගය පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්ය වෙනුවෙන් තරග වදින කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක මහතා ද මේ වන විට දිස්ත්‍රික්කයේ කැපී පෙනෙන චරිතයක්.
එයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ මැතිවරණයට අදාලව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කටයුතු මැනවින් සිදු කරමින් පක්ෂ ක්‍රියාකාරීන් අතර ජනප්‍රිය වෙමින් ඔහු කටයුතු කිරීමයි, දිස්ත්‍රික්කය පුරා ඔහු විසින්ම බල ගන්වන ලද මැතිවරණ මෙහෙයුම් යාන්ත්‍රණයද මේ වන විට පක්ෂයේ ජේෂ්ඨ දේශපාලන නායකයන්ගේ පවා ඇගයුමට ලක්වී තිබෙනවා.
ඉන් බොහෝ දෙනෙකු පවසා ඇත්තේ ප්‍රථම වරට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු මෙතරම් සංවිධානාත්මක ලෙස ජනතාව අතරට යමින් තම මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සැබවින්ම පැසසිය යුත්තක් බවයි.
මේ සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය සදහා තරග වදින අපේක්ෂකයෙකු වන හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද පසුගියදා පැවති ජන හමුවකට එක වෙමින් සදහන් කලේ කණිෂ්ක සේනානායක මහතාගේ දේශපාලන සංවිධාන ශක්තිය ගැන තමා පුදුම වන බවයි. එමෙන්ම ලේ වල පවා දේශපාලනය දුවන දක්ෂ තරුණයෙකු ලෙසද ඔහු කනිෂ්ක සේනානායක මහතා හදුන්වාදී තිබුණා.
එම වීඩියෝව පහලින්…
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට