ව්‍යවස්ථාදායක සභාවේ සමහර සාමාජිකයන් වැඩකටයුතු කඩාකප්පල් කරන්න ඇතුලෙන් ක්‍රියා කරනවා නම් පවතින ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැරි වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ ගැන විභාග කරන්නට එන සතිය වනවිට වෙනම තේරුම් කාරක සභාවක් පත් කරන්න යන බවද ජනාධිපතිවරයා කීය.
අද පොලිසියටත් උසාවියටත් පත් කිරීම් කරන්නට නොහැකි වී ඇතැයි කී ජනාධිපතිවරයා ව්‍යවස්ථා දායක සභාවේ බෙදීම් නිසා තීරණයක් ගන්නට නොහැකි වී ඇතැයි කතානායකවරයා ලිපියකින් තමාට දැනුම් දී තිබෙන බවද සඳහන් කළේය.
ව්‍යවස්ථාදායක සභාව එක පැත්තකින් තුනට බෙදී තව පැත්තකින් තුනක් බෙදී දෙන්නෙක් ඡන්දය දීමෙන් වැලකී ඇතැයි ද තව එක්කෙනෙක් පත් කර නැතැයි ද ජනාධිපතිවරයා කීය. මෙහෙම ආණ්ඩු ගෙනියන්නේ කොහොමදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්