අගෝස්තු මස 20 වැනිදා නව වැනි පාර්ලිමේන්තුව ප්‍රථම වතාවට රැස්වී කථානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා පත්කර ගන්න ලදී.
එහිදී පක්ෂ නායකවරුන් ඔහුට සුබ පතමින් අදහස් දක්වන ලදී.
දෙමළ ජනතා සන්ධානය (TMK) නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ විග්නේශ්වරන් මහතා සිය සුබපැතුම් එක්කරමින් මෙරට පැරණිම භාෂාව සහ ලෝකයේ පැරණිම නොනැසී පවතින භාෂාව මෙන්ම මෙරට නිජබිම කරගත් පළමු ස්වදේශිකයින්ගේ භෂාවෙන් සුභපැතුම් එක කරන බව පවසා සිටියා.
එම ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් බව සඳහන් කරමින් එයට විරෝධය දක්වා එය හැන්සාඩ් ගතවීම වලක්වන ලෙස පසුගිය 21වැනිදා සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඉදිරි කටයුතු කිරීමට මෙහිදී කතානායකවරයා එම අවස්ථාවේදී දැනුම් දෙනු ලැබුවා.
පාර්ලිමේන්තුවේ දී විරෝධයක් නොදැක්වුවද ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් බොහොමයක් මාධ්‍ය හමුවේ එම ප්‍රකාශයට සිය විරෝධය පළකර සිටියද හැන්සාඩ් වාර්තාවෙන් විග්නේශ්වරන් මහතා කළ ප්‍රකාශය ඉවත් නොකර එය පළකර ඇති බව දක්නට ලැබෙනවා.

අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි