මේ වන විට මුල්ලේරියාව රෝහලේ ඇති PCR යන්ත්‍රය අක්‍රිය වී ඇතැයි රජය දැනුම් දී ඇති බව වෛද්‍ය රසායනාගාර විශේෂඥ විද්වත් වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ චීන තානාපති කාර්යාලය එම පිරිස සම්බන්ධයෙන් තනාපති කාර්යාල මට්ටමින් නිවේදන නිකුත් කිරීම කටයුතු තත්වයක් බවයි.
චීන සමාගමකින් මිලදී ගත් දෙයක් සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය නිවේදන නිකුත් කිරීම සැක සංකා මතු වන කරුණක් බව ද ඔහු පෙන්වා දෙනවා.
මෙම තත්ත්වය තුළ අදාළ PCR යන්ත්‍රය චීන රජයේ පරිත්‍යාගයක් දැයි සැක මතුවන බවයි රවි කුමුදේශ් මහතා පවසන්නේ.
මෙම තත්ත්වය තුළ මුල්ලේරියාව රෝහලේ PCR පර්යේෂණ පැවැත්වීම සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් මතුව ඇති බව පෙන්වා දෙන රවි කුමුදේශ් මහතා නැවත වතාවක් මෙවැනිම ගැටලු සහිත යන්ත්‍රයක් මිලදී ගැනීමට රජය සූදානම් වන බව ද පවසනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට