Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මුල්ලවයික්කාල් ස්මාරකය ඩෝසර් කර දැමුවයි කියා යාපනය සරසවියේ උණුසුම් තත්වයක් – STF බලඇණිත් කැදවයි

ඊයේ රාත්‍රියේ දී යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්වයක් ඇතිවී තිබේ.

ඒ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබිණි.

නොන්සුන්කාරී තත්වය ඇතිවී තිබෙන්නේ එම විශ්වවිද්‍යාල පරිශ්‍රය ඉදිකර තිබූ මුල්ලවයික්කාල් සැමරුම ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදා කඩා ඉවත් කිරීමක් හේතුවෙනි.

විශ්වවිද්‍යාල සිසුන් විසින් මෙම ස්මාරක ඉදි කර ඇත්තේ යුද්ධය නිමාවී දස වසරක් ගතවීම නිමිත්තෙන් 2019 වසරේදීය.

විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසන්නේ එම ඉදිකිරීම අනවසර ඉදිකිරීමක් බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් තම Twitter ගිණුමේ සටහනක් තැබූ යාපනයේ මධ්‍යවෙදියෙකු වන එස්. රුබතිසන් මහතා සදහන් කරන්නේ “අද සවස යාපනයේ විශ්ව විද්‍යාල පරිශ්‍රයට පොලීසිය ඇතුළු වී යුද්ධයේ අවසාන අදියරවල දී මියගිය අය සඳහා ඉදිකරන ලද යුද ස්මාරකය බුල්ඩෝසරයක් මගින් ඉවත් කර දමනු ලැබ තිබෙනවා. ඔවුන් නැවැත්වීමට උත්සාහ කළ විශ්ව විද්‍යාල සිසුන් පොලිසිය පන්නා දමා ස්මාරකය සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇත” යනුවෙන්.