ලංකා විදුලි බලමණ්ඩලයට අයත් පනුවරඑළිය ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතිය සඳහා මෙරටට ගෙන්වා ඇති වාහන සහ යන්ත්‍ර සූත්‍ර මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතාගේ ලේකම්වරයෙක් යැයි කියාගන්නා අයෙක් විසින් නිසි අවසරයකින් තොරව එම ස්ථානයෙන් බැහැර කිරීමට කටයුතු කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.
මෙම අදාළ යන්ත්‍ර සූත්‍ර සහ වාහන ආනයනය කිරීමේදී රජය විසින් බදු සහන ලබා දී ඇති බැවින් එම දේපල සඳහා බදුගෙවීමකින් තොරව කිසිම හේතුවක් මත එම ව්‍යාපෘතියෙන් බැහැර කළ නොහැකි බවද ඒ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් පොල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර පැමිණිල්ලක් ගොනු කිරීමටද කටයුතු කර ඇති බව පැවසූ ඒ මහතා රට බංකොලොත් වී ඇති පසුබිමක රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු විසින් මෙවැනි ක්‍රියාවක් සිදුකිරීම කණගාටුවට කරුණක් බවත් ප්‍රකාශ කලේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට