ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් විසින් කුඩා අං සහිත නව මී මැසි විශේෂයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම නව මී මැසි වර්ගයට යක්ෂයෙකුගේ වැනි අං ඇති අතර ‘ලුසිෆර්’ ලෙස හඳුන්වනු ලබයි.
මෙම කැපී පෙනෙන ‘අං’ ගැහැණු මී මැස්සන්ට පමණක් ඇති බවද මොවුන් හැඳින්වීමට භාවිතා කරනු ලබන ‘ලුසිෆර්’ යනු ලතින් භාෂාවෙන් “ආලෝකය දරන්නා” යන අර්ථය ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නව මී මැසි විශේෂය, වාසස්ථාන වෙනස්වීම් සහ දේශගුණික විපර්යාස වැනි සාධක මත වඳවීමේ තර්ජනයට ලක්වීමේ ඉඩකඩ බොහෝදුරට පවතින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්