පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතන නඩුවෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා ඇතුලු සැකකරුවන් 5 දෙනා අද නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
අද දින නඩුව කැඳවනු ලැබුවේ මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී. එස්. සූසෙයිදාසන් මහතා හමුවේයි.
පසුගිය 11 වනදා මෙම නඩුව කැඳවු අවස්ථාවේදී නීතිපති දොපර්තමේන්තුව අධිකරණයට දැනුම්දෙනු ලැබුවේ පිල්ලෙයාන් ඇතුලු විත්තිකරුවන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි.
ඒ අනුව විත්තිකරුවන් 5 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය නියෝග කළේ ය.
2005 වසරේ දෙසැම්බර් 25 වනදා ජෝසප් පරරාජසිංහම් මහතා වෙඩි තබා ඝාතනය කෙරිණ.
ඒ අනුව ජෝසප් පරරාජසිංහම් මහතාට වෙඩි තැබීමේ සිද්ධියට වගකිව යුතු කිසිවෙක් නොමැති අතර මෙම ඝාතනයද මෙරට සිදුවූ ඝාතන අතර නොවිසදුණු අභිරහසක් ලෙස ඉතිහාසයට එක්වෙවිද යන ප්‍රශ්නාර්ථය ඉතුරු වී තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට