කළින් නොදන්වා පිටකොටුව මැනිං වෙළදපොළ වසා දැමීම හේතුවෙන් තොග වෙළදුන් දැඩි අපහසුතාවට පත් වූබව පසුගිය සදුදා අලුයම දීම අපට වාර්තා වුණා.
දින 10 අසන්න කාලයක් පැවති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසුවත් මැනිං වෙළද පොළ මෙසේ වස දැමීම පිළිබද දැඩි විරෝධයක්ද එල්ල වුණා.
නමුත් එම ස්ථානයට පැමිණි බස්නාහිර භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සදහන් කළේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම හදිසි තීරණය ගත බවයි.
ප්‍රධාන ලෙසම නාට්ටටාමි මහතුන් රැසක් කොරෝනා වෛරසයට නිරාවරණය වී ඇති බවට සැක මතු වීම ඊට හේතුව බවද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී පෙන්වා දුන්නා.
ඔහු සදහන් කල කරුණ යථාර්තයක් කරමින් මැනිං වෙළදපොළමනින් තුල නාට්ටාමි රැකියාවේ යෙදුණු 67 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබෙනවා.
යම් හෙයකින් පසුගිය සදුදා මැනිං වෙළදපොළ කටයුතු සාමාන්‍ය පරිදී සිදු කළේ නම් සිදුවන්නට ගිය බරපතල සෞඛ්‍ය අවධානම පහව ගොස් තිබෙන්නේ රජය විසින් හදිසියේ ගත් එම තීරණය හේතුවෙන්.
පවතින තත්ත්වය මත කොළඹ දිස්ති‍්‍රක්කයේ සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක