කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියන් සිදුකළ කතාවකට විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
පසුගියදා (25) පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේදී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සුරැකීම සඳහා ඉදිරිපත් වී සිටින වෘත්තීය සමිති නායකයන් හමු වූ අවස්ථාවේදී උන්වහ්ස්න්සේ මෙම අදහස් දැක්වීම සිදු කර තිබෙනවා.
එහිදී උන්වහන්සේ රාමායණය කතා පුවත උපමාවට ගනිමින් අනුශාසනාවක් සිදු කර ඇති අතර , විභීෂණ විසින් තම වැඩිමහල් සොහොයුරා වූ රාවණා විසින් ගොඩනැගු ලංකා රාජ්‍ය ඉන්දියාවේ සිට පැමිණි රාමට පවා දීම සහ වර්තමාන ශ්‍රී ලංකේය දේශපාලනය පිළිබඳ ගැළපීමක් සිදු කර තිබෙනවා.
එහිදී උන්වහන්සේ විභීෂණ ලෙස අදහස් කරන්නේ කවුද? රාවණා ලෙස අදහස් කරන්නේ කවුද ? යන්න අවබෝධ කර ගැනීම ග්‍රාහක ඔබට භාරයි.
අදාළ වීඩියෝව පහළින්..


අත නොහැර කියවන තැන
වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?
දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි
අදත් හවසට මහ වැසි