Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මැතිවරණයට මාර්ගෝපදේශ මාලාවක් – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

මහමැතිවරණය පැවැත්වීම සදහා වන විශේෂ මාර්ගෝපදේශ මාලාවක් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරි දින දෙක තුළ බාරදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

මහමැතිවරයේ ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය බෙදාහැරීම ආදියේ සිට ඡන්දය නිමවී ප‍්‍රතිඵල නිකුත් කිරීම දක්වා වන සියලූම ක‍්‍රියාදාමයන් සදහා වෙන වෙනම මාර්ගෝපදේශ මේ යටතේ ලබාදෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළේය.

ඡන්දයේදී අපේක්‍ෂකයන් කටයුතු කළ යුතු ආකාරය, ඡන්දදායකයන් කටයුතු කළ යුතු ආකාරය, රැස්වීම් පැවැත්වෙන ආකාරය මෙන්ම ඒවයේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රියාමාර්ග යනාදිය මෙම මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් වන බවද ඔහු කීවේය.

කොවිඞ් -19 වයිරසය ආසාදිතයන් සමාජයෙන් වාර්තාවීම මේ වනවිට පාලනය වී ඇතැයි කී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  රටේ අනෙකුත් කටයුතු ඊට අනුරූපීව ඉදිරියට පවත්වාගෙන යායුතුව ඇතැයිද කීවේය.

About The Author