මාවනැල්ල ප්‍රදේශයේ බුදු මැදුරකට පහරදී අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඔහු සදහන් කළේ අදාළ සැකකරු මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූ අයෙකු බවයි.
ඔහු යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිද්ධිය වූ දින පේරාදෙණිය රෝහල වෙත ගොස් ඇති අතර නැවත රාත්‍රියේ පැමිණෙන විට මෙම අපරාධය සිදු කර ඇති බවද මේ වන විට හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
වයස අවුරුදු 30ක් වන අදාල සැකකරු මීට පෙරද මෙවැනි අපරාධ වලට සම්බන්ධ වී ඇති බවත්, අදාල බුදු මැදුරට පහර දී රුපියල් 60ක මුදලක් සොරා ගෙන ඇති බවත් අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් කළා.
මෙම සිද්ධිය පිලිබඳ විවිධ අදහස් සමාජයේ පැතිර ගියද, මෙය අන්තවාදී හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ නොවන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි