ලබන වසරේ (2023) මාර්තු මාසය වන විට මෙම වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවසීය.
ඒ අනුව ලබන මාර්තු මාසය වනවිට දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කරනු ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමන් පසුගිය වසරේත් විදුලි අර්බුදය පිළිබඳ අනතුරු ඇඟවූවත් ඒ පිළිබඳ ජනාධිපතිවරයා ප්රමුඛ රජය පියවර නෙගැනීමෙන් රට බරපතල තත්ත්වයකට පත් වූ බවත් කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. මාස දෙකකට ප්‍රමාණවත් ගල් අඟුරු තොගයක් නොමැති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබියදී ඩෙලර් අර්බුදයත් සමග මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ලබන වසරේ දී ඇතිවීමේ අවදානමක් පවතින බවත් ඔහු සඳහන් කළේය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි