Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මාත් ඉතින් බැල්ම දාලා කට්ටිය ආකර්ෂණය කර ගන්නවා.

1973 ජුනි මස 24 වන දින දකුණු කොරියාවේ උපත ලබන ඔහු චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කඩවසම් තරුණයෙකු ලෙසයි. සුජාත දියණී, අභීත දියණී ආදී ටෙලි නාට්‍ය සමඟින් ඔබ අප හමු වූ ඔහු ජී ජින් හී.

Dae Jang Geum (සුජාත දියණී), Dong Yi (අභීත දියණි) නාට්‍ය දෙක නිසා ඔයා සෑහෙන්න ජනප්‍රිය වුණා නේද?


ඔව් වැඩියෙන් ම ජනප්‍රිය වුණේ මගේ රැවුළයි කොණ්ඩෙයි තමා (සිනා). හුඟක් අය කියනවා ඒ විදිහට මම හරි ම ආකර්ශනීයයි ලු. ඒත් මම නම් කැමති නැහැ දිග කොණ්ඩයකට. එතකොට නිකම් කෙල්ලෙක් වගේ නෙ. කොල්ලෝ ඉන්න එපැයි ගාණට කට් එකක් ගාලා. මොකද මන්දා මට ලැබෙන්නේ ම ඔය වගේ චරිත. මගේ තොප්පියටත් සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා. ඒත් සමහරු කියනවා ඒක දැම්මා ම මාළු වෙළෙන්දෙක් වගේ ලු.

අපට ආරංචියි නාට්‍යය විකාශය වෙලා ඉවර වුණට පස්සෙත් ගැහැනු ළමයි ඔයාව බලන්න තියෙන ආසාව නිසා ම ඒකේ ඩී.වී.ඩී. පිටපත් හොය හොයා රට පුරා ඇවිද්ද බව?


ම්… මටත් ඒ ගැන නම් ආරංචි වුණා තමා. මට හරි ම සතුටුයි මේ වගේ ටෙලි නාට්‍යයක් නිසා ඒ තරම් රසිකාවියක් පිරිසක් ලැබීම ගැන. අපේ රටේ විතරක් නෙවෙයි. අනිත් රටවල්වලත් ඕක පෙන්නුවට පස්සේ ගැහැනු ළමයි ඔය විදිහට ම මගේ පින්තූරයි විස්තරයි හොය හොයා යනවා ලු. මරු නේ…

මින් ජුන් හෝගේ චරිතයේ වැඩිපුර ම රසිකයින් ආකර්ශනය වුණු තැන මොකක්ද?


අනේ මන්දා ඇයි කියලා, සෑහෙන්න දෙනෙක් මට කිව්වා එයාලා වැඩිපුර ම කැමති මම චන්ගුමී එක්ක ඉන්න වෙලාවට ලු. විශේෂයන් ම මම චන්ගුමී ව දැක්කම නළල රැළි කරලා, නිකම් අමුතු බැල්මක් දානවා නේ. ඒ බැල්මට කෙල්ලෝ සෑහෙන්න ඇදිලා ඇවිත් තිබුණා. ඉතින් මම චරිතයේ දී විතරක් නෙවෙයි, ඇත්ත ජීවිතයේ දීත් ඔය බැල්ම ටිකක් දාලා කට්ටියව ආකර්ශනය කර ගත්තා. ඉගෙන ගත්තු දේවල්වලින් ප්‍රයෝජනයක් ගන්න එපැයි… (සිනා)

රූගත කිරීම් නැති වෙලාවට මොකද කරන්නේ?


බාස්කට්බෝල් ගහනවා, චිත්‍ර අඳිනවා, මම ඉස්සර ඉඳලා ම චිත්‍ර අඳින්න හරි කැමතියි. ඒ ගැන වැඩිපුර හදාරන්න වුවමනා නිසා වෙනම ආයතනයකටත් ගියා. සේරම වැඩ ඉවර වෙලා මගේ ම කියලා චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්නත් ලැහැස්ති කර ගත්තා. ඒත් කොහෙද, මේ වැඩ කන්දරාවත් එක්ක පුළුවන් ද නිදහසේ චිත්‍රයක්වත් අඳින්න. ඒ නිසා ඒ හීනය තවම එතන ම. මගේ ළඟ නම් තියෙනවා මම ම ඇඳපු චිත්‍ර පිරුණු පොතක් ම. ගෙදර අයත් කියනවා අපරාදේ නැවැත්තුවෙ කියලා. මොනවා කරන්නද ඉතින්. මගේ සතුටට වඩා රසිකයින්ගේ සතුට ගැන හිතන්න එපැයි. මම ක්ෂේත්‍රයෙන් අයින් වෙනවා කියලා දැනගත්තොත් එයාලාගෙන් බේරෙන්න බැරි වෙයි. අනික මේ තරම් රසික පිරිසක් (විශේෂයෙන් ම රසිකාවන්) ලෝකය පුරා ම ඉන්න එකේ මොකට අයින් වෙනවා ද?(සිනා)

මිනිස්සු කියනවා ඔයා Yangban Charming කොල්ලෙක් ලු. මොකක්ද ඒකේ තේරුම?


Yangban කියන්නේ කොරියාවේ එක සමාජ කොට්ඨාසයක්. එයාලා උගත් වගේ ම උසස් වංශක්කාරයෝ. පොදු ජනතාව එයාලා දිහා බලලා තම තමන්ගේ ජීවිතවල වැරදි හරි ගස්සා ගනීවි කියලා ඒ අය බලාපොරොත්තු වෙනවා. කොයි තරම් දුප්පත් වුණත් ඒ අය තමන්ගේ පවුලේ ගෞරවය ආරක්ෂා කර ගන්න දන්නවා. මේ කාලය වෙනකොට නම් Yangban සමාජය සෑහෙන්න පහළ තත්ත්වයකට වැටිලා තියෙන්නේ. ඒත් එයාලට ගරු කරන අය තවමත් ඉන්නවා. මට ඔය නම පටබඳින්න ඇත්තේ මිනිස්සු කරදරේ වැටිලා ඉන්නකොට හැම තිස්සේ ම උදව් කරන්න යන නිසා වෙන්න ඕනේ. ඒ හැරෙන්න Yangban කියන වචනයෙන් ඒ පුද්ගලයා හුඟක් ගරුකටයුතු, උසස්, හොඳ කෙනෙක් කියන අදහසත් ලබා දෙනවා. මින් ජුන් හෝගේ චරිතයේ ඒ ලක්ෂණත් තියෙනවා නේ.

කොහොමද පවුලේ අයගේ ප්‍රතිචාර?


අම්මා නම් හුඟක් ආසයි මම රඟපානවා බලන්න. මං කැමැත්තෙන් කරන චරිත දැකලා ඇය සතුටු වෙනවා විතරක් නෙවෙයි, හිනා වෙවී අඬනවා… අම්මා කියනවා මට ඇත්තට ම මං රඟපාන චරිතවල ලක්ෂණ තියෙනවා ලු. ඒත් ඉතින් ඒවා මනඃකල්පිත චරිත නේ. ඇත්තට ම මම ඒ චරිත කරන විදිහට වැඩ කරන්න ගියොත් ලොකු කරදරයක වැටෙන්න වෙයි. ඒත් මුලදී යහළුවෝ නම් කිව්වා නළුවෙක් වුණාට පස්සේ මගේ ඔළුව ඉදිමිලා කියලා. පස්සේ එයාලා ම පිළි ගත්තා එහෙම දෙයක් නැහැ කියන එක.

කොයි කාලෙ ද රඟපාන්න ආවේ?


මම ඉස් ඉස්සෙල්ලා ම රඟපෑවේ 2002 වසරේ තිරගත වුණු H කියන චිත්‍රපටියේ. මගේ පළවෙනි චරිතය රහස් පරීක්ෂකයෙක්. ඒක නම් සතුටට කරුණක් වුණා. මොකද සමහරුන්ගේ පළවෙනි චරිතය ප්‍රසිද්ධියේ අනිත් අයට කියන්න බැරි තරම් නරකයි නේ. එතනින් පස්සේ නාට්‍ය කිහිපයක් ම ලැබුණාග 2003- Dae Jang Geum, 2005 Spring day, 2009 – He who can`t marry, 2010- Dong Yi වගේ ඒවා. චිත්‍රපට ගැන කියනවා නම් 2003 – If you were me, 2005 – Perhaps Love, 2006 – The Old Garden 2007 – Meet Mr.Daddy, 2017 Lucid Dream වගේ චිත්‍රපටවලට දායක වුණා. අලුත් ම එක Move to heaven සහ Undercover. මෙච්චර කාලයක් රඟපෑව චිත්‍රපටිවලින් H චිත්‍රපටියට තමයි වැඩි ම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණේ.

මොකක්ද ඔයාගේ ලග්නය?


ම්… කටක. ඇයි ඒ? මනමාලියෙක් හොයලා දෙන්න ද? දැන් නම් වැඩක් නෑ. මට නෝනා මහත්තයා කෙනෙක් ඉන්නවා නේ… ඇයි ළමයි දෙන්නෙකුත් ඉන්නේ.

වැඩියෙන් ම කන්න ආසා මොනවා ද?


එහෙම එකක් නැහැ. මස්, මාළු, එළවළු… අහු වෙන ඕන දෙයක් කනවා.

වැඩක් නැති වෙලාවට අතේ තියෙන්නේ මොනවාද?


ම්… වැඩක් නැත්නම් ඉතින් කැමරාවක් අතේ තියාගෙන මොනවා හරි කරන එක තමයි කරන්නේ.

සම්මාන එහෙම ලැබිලා නැද්ද?


තියෙනවා. මම නම් කැමතිත් නැහැ ඕවා ගැන වැඩිය කතා කරන්න්‍ර. එතකොට අනිත් අය හිතයි මම පුරසාරම් දොඩවනවා කියලා. 2003 දී මින් ජුන් හෝට සම්මානයක් ලැබුණා හොඳ ම නළුවා හැටියට. 2004 දී Miss Kim`s million dollar quest නිසා හොඳ ම නළුවා වුණා. 2010 දී Dong Yi වෙනුවෙන් විශිෂ්ටතා සම්මානයක් ලැබුණා. 2015 දීත් I have a loverට සම්මාන ලැබුණා. මම නම් සම්මාන බලාගෙන නෙවෙයි වැඩ කරන්නේ. එහෙම වුණා නම් මට මීට වඩා සෑහෙන්න දේවල් කරන්න තිබුණා. ඒත් සම්මාන ගන්න වැඩ කරනවාට වඩා කොච්චර වටිනවාද දෙන දෙයක් කරලා සැහැල්ලුවෙන් ජීවත් වෙන එක.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author