Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මළපහ මුහුණේ උළන ඉන්දියානුවෝ.

අප අසල්වාසී රට වන ඉන්දියාව පිළිබඳ හැම විට ම ශ්‍රී ලාංකිකයන් තුළ ඇත්තේ කුතුහලයකි. ඔවුන් භාවිත කරන වෛද්‍ය විද්‍යාව ආයුර්වේදය හා සම්බන්ධ බව සම්මතය වුව ද, ලොවට නොදන්වා ප්‍රසිද්ධ නගරවල පවා බහුල ව සිදු කෙරෙන අමුතු ආකාරයේ ප්‍රතිකාර ක්‍රම ද ඉන්දියානුවන් සතු වන බව පෙනේ.

එරටෙහි වෛද්‍යවරුන් සිටිනුයේ 1700කට එක්කෙනෙකු පමණි. එබැවින් බොහෝ පිරිසක් ලාභදායී ක්‍රමවල පිහිට පැතීම මෙවැනි අමුතු ක්‍රම බිහි වීමට හේතුවයි. 

1.ඇදුමට මාළු.

බතිනි ගුඩ්ස් නම් වූ ඉන්දියානු පවුල සතුව වසර 160ක් තරම් පැරැණි වෛද්‍ය ක්‍රමයක් ඇත. ඒ  කල් පවතින ඇදුම රෝගය සඳහා ය. 

ප්‍රතිකාරය ඉතා සරල ය. පණ පිටින් දඟලන මාළුවෙකු ⁣ගෙන, ගුඩ්ස් පවුලේ සාමාජිකයෙකුගෙන් ඉල්ලාගත් බෙහෙත් ගුලියක් සමඟ එක හුස්මට මාළුවා ගිල දැමිය යුතුය. දින හතළිස් පහක් මෙසේ කළ විට කුඩා අවධියේ පටන් නිරන්තරයෙන් පීඩා විඳි ඇදුම රෝගයකින් පවා නිට්ටාවට ම සුවය ලබා ගත හැකි ය. තව ද එම කාලය ඇතුළත ඔවුන් නියම කරන ආකාරයේ ආහාර වේලක් පමණක් ගත යුතුය . එම බත් පිඟානෙහි දක්නට ලැබෙන්නේ ඉතා දැඩි ව පාලනය කර, සකස් කරන ලද ආහාර වර්ග කිහිපයක් පමණි. 

ගුඩ්ස් පවුල මෙම රහසිගත ඖෂධ වට්ටෝරුව කිසිවෙකුටත් ලබා දෙන්නේ නැත. එබැවින් ඉන්දියානු වෛද්‍ය සභාව ඔවුන්ගේ ක්‍රමය පිළි ගන්නේ ද නැත.

2.කුරුලෑවලට මළපහ.

මනුෂ්‍යයෙකුට කුඩා දරුවෙකුගේ වුව ද මුත්‍රා සහ මළපහ යනු පිළිකුල් සහගත දේ ය. එහෙත් ඉන්දියානුවෝ මුහුණේ හට ගන්නා කුරුලෑ සුව කිරීම සඳහා තමාගේ ම මුත්‍රා මෙන් ම මළපහ ද යොදාගනිති.

උදෑසන අවදි වූ පසු පිට කරන මුත්‍රා භාජනයකට එකතු කර ගන්න. ඉන්පසු ඒවායින් තම මුහුණ හොඳින් සෝදා ගන්න. සතියක් පමණ මෙසේ සිදු කළ ද ප්‍රතිඵලයක් නොමැති නම්, ඊළඟ විකල්පය වන්නේ එම මුත්‍රා බීම ය. එය ද සතියක පමණ කාලයක් උත්සාහ කර බැලිය හැකි ය.

පුතිඵලය සිත් නොගන්නේ නම් තුන් වන විකල්පය වන්නේ මළපහ ය. උදෑසන පිට කරන ලද මළපහ ස්වල්පයක් ගෙන මුහුණු වැස්මක් , එනම් ෆේස් මාස් එකක් ලෙස මුහුණ පුරා ආලේප කර ගන්න. ටික වේලාවක් වියළීමට හැර පිරිසිඳු ජලයෙන් සෝදා හරින්න. 

3.වඳභාවයට යෝගා.

යෝගා යනු ඉතා ජනප්‍රිය හා ප්‍රායෝගික ව්‍යායාම ක්‍රමයක් බව නිසැක ය. එහෙත් වඳ භාවයට පිළියමක් ලෙස එම ක්‍රමය යොදා ගත හැකිද යන්න අවිශ්වාස ය. 

ඉන්දියානුවන්ට අනුව වඳ භාවයට හේතු වන්නේ මානසික ආතතිය සහ ශාරීරික යෝග්‍යතා ගැටලු පමණි. එබැවින් නිවැරදි ව පිහිටුවා ගත් ශරීරයත්, සන්සුන් මනසත් සාරවත් භාවය වැඩි දියුණු කරනු ඇත.

යෝගා ගුරුවරුන්ගේ මෙම න්‍යාය කිසිදු විද්‍යාවකට හෝ න්‍යායකට අනුකූල නැත. එහෙත් එරට බොහෝ කාන්තාවන් මෙම කාරණය වෙනුවෙන් ම යෝගා ව්‍යායාම කිරීමට පෙළඹී තිබේ.

4. ඕනෑම ලෙඩකට රිදී රත්තරන්.

රිදී හෝ රත්තරන් වැනි ලෝහ වර්ගයක් ආහාරයට ගතගතහොත් සිදු වන්නේ කුමක් ද? නිසැකව ම ඔබේ ආමාශය ඒවා ඉවත් කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් ගනු ඇත. තව ද ඔබේ ශරීරය පුරා ⁣රුධිරය ගෙන යන ධමනි, එම ලෝහ නිසා අවහිර වනු ඇත.

ඉන්දියානුවන් මෙම ගැටලු ගණනකට නොගන්නා බව පෙනේ. ඕනෑම ප්‍රසිද්ධ නගරයට මදක් ඇවිද බැලුවහොත් අතිවිශාල මිළ ගණන්වලට විකිණෙන රිදී හෝ රත්තරන් කුඩු අඩංගු මෙවැනි බෙහෙත් වර්ග විකුණන ස්ථාන බොහොමයක් ඔබට ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැකි වනු ඇත.

5. අස්ථි සුවයට සම්බාහනය.

මෙය ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙන ක්‍රමයකි. 

එහෙත් ඉන්දියානුවන්ගේ සම්බාහන වෙදුන්ගේ වෙනසක් ඇත. ඔවුන් සැබවින් ම වෛද්‍යවරු නොවෙති. ඔවුනට රජයේ පිළිගත් වෛද්‍ය සහතිකයක් හෝ වෛද්‍ය උපාධියක් හෝ නැත. ඕනෑම නගරයකින් ලෙහෙසියෙන් ම සොයා ගත හැකි එවැන්නවුන්ට ඇත්තේ පලපුරුද්දක් පමණි. එහෙත් මෙවැනි පුද්ගලයින් මත විශ්වාසය තබා, සිය ජීවිතය ම ඔවුන් අතට භාර දෙන ඉන්දියානුවන් සුලබ ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author