Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහ සිකුරාදා අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීම සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුණු බැතිමතුන් අද සමරනු ලබයි.

ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුණුවන් අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරයේ යෙදීම ආදී ආගමික වතාවත්වල නිරත වුණි.

ඒ අනුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින ලබන 09 යෙදි තිබේ.

මේ අතර මෙවර පාස්කු සතිය තුළ කිතුණු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

About The Author