මහ බැංකුව ප්‍රතිසංස්කරණය සඳහා නව පනතක් හඳුන්වාදීමට ආණ්ඩුව සූදානම් වන බව ඩිව් ගුණසේකර මහතා පවසයි.
මූල්‍ය අරමුදලේ ණය සහනය අනුමත වීමට එම ප්‍රතිසංස්කරණ සිදු කිරීම අනිවාර්ය බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය.
“CEB එකේ චාජස් වැඩි කරන්නත්, පෙට්‍රෝලියම් එකේ චාජස් වැඩි කරන්නෙත්, සියල්ලම IMF යෝජනා. තවත් අලුත් පොරොන්දුවක් මේක කොහේවත් ලියලාවත් නෑ. අහලත් නැතුව ඇති. ඒක තමයි මහ බැංකුව ප්‍රතිසංස්කරණය කරන්න පනතක් ගේන්න ඇමති මණ්ඩලය ගිය සඳුදා අනුමත කරා කියලා තොරතුරු ලැබෙනවා. තාම නෑ පාර්ලිමේන්තුවට ආවේ. මේක පිළිගත්තොත් තමයි බිලියන 2.9ක පළමු වාරිකය ලැබෙන්නේ. මේක තමා භයානකම සංශෝධනය. මම ඉල්ලා සිටිනවා සියලුදෙනාගෙන්ම මේක ජාතියේ ස්වෛරීත්වයට ඇති වෙන්න යන විශාල ප්‍රහාරයක්.”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය වෙනුවට රට ඉදිරියට ගත හැකි වෙනත් විකල්ප විසඳුමක් පිළිබඳව කිසිවකුගේ අවදානය යොමුව නොමැති බව ඩිව් ගුණසේකර මහතා පවසයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට