Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහ බැංකුවට බරපතළ ප්‍රහාරයක් –  හැම ආණ්ඩුවක් සමග එක්ව නීති විරෝධී වැඩ කරලා 

මහබැංකුව වර්තමානයේ රට පත්ව ඇති ආර්ථික අර්බුධය සඳහා සෘජුව වගකිව යුතු බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

MEE MASSOO TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහබැංකුව බලයට පත් සෑම ආණ්ඩුවක් සමඟම එක්ව නීති විරෝධී ක්‍රියා රැසක නිරත වූ බවයි.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට පැවරී ඇති මුදල් බලයට පවා එරෙහිව සහ පටහැනිව වර්තමාන මහබැංකු අධිපතිවරයා පවා අවස්ථා කිහිපයකදී  හිතුවක්කාරී ලෙස කටයුතු කර ඇති බවද කිරිඇල්ල මහතා සඳහන් කර තිබෙන්නේ මහබැංකු සේවකයින් විසින් පුද්ගලික ලෙස තම වැටුප් ඉහළ නංවා ගැනීමට අවස්ථාවාදීව සහ නීති විරෝධීව කටයුතු කරන බව ද සඳහන් කරමින් වීම විශේෂත්වයක්.

About The Author