රත්නපුරේ ජනතාව දශක කිහිපයක් බලා සිටි මැණික් කුලුනක් ඉදිවීමේ සිහිනය යථාර්ථයක් වන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
රත්නපුර, දෙමුමාවත මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුනට මුල්ගල් තැබීම නිමිත්තෙන් අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.
ඒ අනුව ඉදිරි වසර 4ක කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක විදේශ විනිමය ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
මේ අවස්ථාවට අමාත්‍ය විමල් වීරවංශ, මැණික් හා ස්වර්ණාභරණ ආශිත්‍ර කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහත්වරු ඇතුළු මැති අමැතිවරුන් රැසක් එක්ව සිටියා.




අත නොහැර කියවන තැන
වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?
දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි
අදත් හවසට මහ වැසි