Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහින්ද යාපා කතානායක ධුරයේ ගෞරවය කෙලෙසනවා : තනතුර බාල්දු කරමින් දේශපලනය කරන්න එපා – කිරිඇල්ලගෙන් චෝදනා

ගෙවල් ගිනි තියලා ගුටි දීලත් පාඩමක් ඉගෙන ගෙන නෑ කියා පැටලෙයි

කතානායක මහින්ද යාපා මහතා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් තනතුරේ ගෞරවය කෙලසන බවට චෝදනා එල්ල කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේතුවේදී අදහස් පල කරනු ලැබුවා.

කතානායකවරයාද එයට මැදිහත් වීමත් සමඟ ඇති වුයේ දැඩි උණුසුම්කාරී ස්වභාවයක්.

අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා විපක්ෂයට හිමිවිය යුතු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා ආණ්ඩු පක්ෂයේම නියෝජිතයෙකු පත් කිරීමට ගත තීරණයට එරෙහිව මෙම වචන හුවමාරුව සිදු වුණා.

ස්ථාවර නියෝග අත්හිටුවලා ,නිලධාරීන් එක්ක එකතුවෙලා, රජයේ මුදල් කාරක සභාවේ සභාපතිව ආණ්ඩු පාර්ශවයෙන් දැම්මා.කථානායකතුමා තමයි මෙතන ඉදගෙන රටේ සියළු ප්‍රශ්න ඇති කෙරුවේ. වහාම මේක නිවැරදි කරන්න යැයි අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

“ගරු කථානායකතුමනි ස්ථාවර නියෝග 121/1 අනුව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා මන්ත්‍රීවරයා විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රීවරයකු විය යුතුය.ඔබ තුමා ස්ථාවර නියෝග අත්හිටුවලා වසරකට කලින් ආණ්ඩු පක්ෂයට දුන්නා.ඔබතුමා විශාල වැරද්දක් කරේ මේක නිවැරදි කරන්න.මේක විපක්ෂයට ලැබිය යුතුයි.මෙතන කවුරුවත් නැති දවසක නිලධාරීන් සමග එකතු වෙලා ඔබතුමා තමයි මේක හොරෙන් දැම්මේ.අනික ඔබතුමා තවමත් වැලිගම ප්‍රාදේශීය කමිටුවේ සභාපතිවරයා. ඔබතුමා මෙතන ඉදන් දේශපාලනය කරන්නේ.කවුරුත් නැති දවසක ස්ථාවර නියෝග අත්හිටුවලා තමයි මේ තුට්ටු දෙකේ වැඩේ කෙරුවේ.ඔබතුමා තමයි මේ රටේ සියළු ප්‍රශ්න ඇති කෙරුවේ මෙතන ඉදගෙන.


අගමැති ඉල්ලා අස් වුනා , කැබිනට් මණ්ඩලය අස් වුනා, මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා ,නමුත් ඔබතුමා තවම පාඩම් ඉගෙනගෙන නැ.ලැජ්ජයි .මේ පාර්ලිමේන්තුව විනාශ කරලා තියෙන්නේ .මේක වහාම වෙනස් කරන්න.මම අවුරුද්දක් තිස්සේ කතා කෙරුවා”

යැයි ඒ මහතා කීය.

About The Author