Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහාචාර්යය ගංගානාත් මහතාගේ අවසන් කටයුතු හෙට.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී සහ ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා වූ මහාචාර්යය ධම්මික ගංගානාත් දිසානායක මහතා ඊයේ (11) සවස් වරුවේ දී අභාවප්‍රාප්ත විය. මිය යන විට 62 වන වියේ පසු වූ ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

කලෙක ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අඩු ම වයසකින් ආචාර්යය උපාධිය ලබා ගත්, එවකට සිටි ලාබාලතම මහාචාර්යයවරයා ඔහු විය. ජනසන්නිවේදන විෂයයට අදාළ බොහෝ ශාස්ත්‍රීය ලිපි සහ ග්‍රන්ථ රචනා කිරීම සම්බන්ධයෙන් දිසානායක මහතා චිර ප්‍රසිද්ධියට පත් ව සිටියේ ය. “පැණි වළලු” තීරු ලිපිය එතුමාගේ විශිෂ්ටතම නිර්මාණය ලෙස සැලකෙයි. දැනට වසර කිහිපයකට පෙර ජාතික රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ස්වාධීන රූපවාහිනිය යන ආයතනවල සභාපතිවරයා ලෙස ද එතුමා කටයුතු කර තිබිණි.

දිසානායක මහතා හට අවසන් ගෞරව දැක්වීම සඳහා එතුමාගේ දේහය අද උදෑසන සිට මත්තේගොඩ, සම්බුද්ධි වත්තේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට, එනම් අගෝස්තු මස 13 වන බ්‍රහස්පතින්දා බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත ය.

About The Author