මහර බන්ධානාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින රැදවියන්ගේ රෝග විස්තර දැක්වෙන ඇඳ ඉහපත් වාර්තා අතුරුදන් වී ඇති බව අධිකරණයේදී හෙළි වුණා.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔවුන් රදවා සිටිනවා.
ඉකුත් නොවැම්බර් 29 වැනිදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවූවන් 11 දෙනකු මිය ගොස්, තවත් සියයකට අධික පිරිසක් තුවාල ලබා සිටින අතර, තුවාල ලැබූ රැඳවූවන් රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ එම රැඳවූවන්ගේ ඇඳහිසපත් වාර්තාය. ඒ බව මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැඳවූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සහ එම සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා වෙත දැනුම් දී තිබේ.
මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැඳවූවන් 11 දෙනාගෙන් 08 දෙනකුට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයන් මේ වන විට අවසන් කර ඇති අතර එම සියලු දෙන වෙඩි වැදී මියගිය බව තහවුරු වී තිබෙනවා.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්රික නිලධාරීන් රැසකට අක්තපත්ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි