මහර බන්ධනාගාරයේ රැදවියන් 11 දෙනෙකුට වෙඩි තබා ඝතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් බවට පත්ව ඇති රැදවියන් බරපතල අනතුරක පසුවන බව වාර්තා වනවා.
එයට හේතුව ඔවුන් සිද්ධිය වූ මහර බන්ධනාගාරයේ චෝදනා ලැබූ නිලධාරීන් සහ ඔවුන්ගේ හිතවතුන් සමග රදවා තැබීමයි.
මේ තත්වය තුල සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම් සහ බලපෑම් කිරීම් සිදුවන බවට සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුවේ පෙන්වා දෙනවා.
මේ වන විට දේපල හානි සිදු කළේය යන චෝදනාව යටතේ ද ඔවුන් බියගන්වමින් සිටින බවත් සාක්ෂි කරුවන් විත්ති කරුවන්ගේ භාරයේ රඳවා තැබීම යුක්ති සහගත නොවන බවත් එම කමිටුව පෙන්වා දෙනවා.
අවසානයේ මහා අපරාධයක සුලමුල මේ හරහා යටපත්වනු ඇති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
කෙසේ වෙතත් මහර බන්ධනාගාරයේ ඉකුත් 2020 නොවැම්බර් 29 වැනිදා ඇති වූ ගැටුමේදී දේපළ රැසකට ද අලාභ හානි සිදුව තිබුණා.
ඒ අනුව මහර බන්ධනාගාරයේ දේපල වලට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 600කට අධික බවට ගණන් බලා තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි