පාලිත රංගේ බණ්ඩාර මහතා මෙම විශේෂ හෙලිදරව් සිදුකළේ හිරු රූපවාහිනිය ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ සළකුණ සංවාද වැඩසටහනට එක්වෙමින්.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අභියෝගයකට ලක්ව ඇති බව පවසමින් අදහස් දැක් වූ රංගේ බණ්ඩාර මහතා මහර බන්ධනාගාර සිද්ධිය එයට සම්බන්ධ කර ගනිමින් අදහස් පළ කළා.
එහිදී බන්ධනාගාර තුළට කොරෝනා වෛරසය පැමිණීම සහ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදුකළ පාලිත රංගේ බණ්ඩාර මහතා මුහුද මැද ව්‍යාපාර සිදු කොට නඩු වැටුණු විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට අයත් මිනිස්බලය අලෙවි කෙරෙන ( Man Power) ආයතනයක් හරහා වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන්ට පිතට රැගෙන යාමේ සිදුවීමක් පිළිබඳව ද අදහස් පළ කළා.
එලෙස වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය සිරකරුවන් හරහා බන්ධනාගාර තුළට කොරෝනා පැමිණි බවද රංගේ බණ්ඩාර මහතා හෙළිකළා.
වැලිකඩ බන්ධානාගාරය තුල සිටින ප්‍රභූ සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොරෝනා අසාදිත අදාල සිරකරුවන් දිවයිනේ සෙසු බන්ධනාගාරවලට රැගෙන යාම හේතුවෙන් බන්ධනාගාර පද්ධතිය අවුල් වී ගිය බවද රංගේ බණ්ඩාර මහතා මෙහිදී අනාවරණය කළා.
සම්පුර්ණ කතාව පහළින්..
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක