2022 මැයි 24

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහබැංකුව ඩොලර් මිලියන 500 ක් ණය ගෙවයි : බෙදාගෙන ඇත්තේ රාජපක්ෂ කබ්රාල් ඥාති වර්ගයාටමයි

ආණ්ඩුව ඇතුළෙන්ම කතාව එළියට දමයි

අද (18) දිනයට ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර ගෙවා දැමූ බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

මහ බැංකුව සතු ඩොලර් සංචිත ඉතාමත් පහළ මට්ටමක පවතින තත්වයක් හමුවේ තවදුරටත් එම ණය මුදල ගෙවීම සඳහා කල් ඉල්ලා ගැනීමට හැකියාව තිබියදී මෙලෙස රටක් අවදානමට ලක්කරමින් එම මුදල් ගෙවීමට හදිසි වන්නේ කුමක් නිසාදැයි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර සිටින ආර්ථික විශේෂඥයින් ඇතුළු බොහෝ පාර්ශවයන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කර තිබුණා.

එමෙන්ම මෙම මුදල තකහනියේ ගෙවා දමන්නේ කා සදහාද යන්න හෙළිකරන ලෙසද බොහෝ පාර්ශ්ව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය ද ආණ්ඩුව ඊට නිසි ප්‍රතිචාර දැක්වුයේ නැහැ.

පසුගියදා Mee Massoo TV සමඟින් විශේෂ සංවාදයකට එක්වෙමින් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මේ පිළිබඳව කරුණු හෙළි කළා.

ඔහු පෙන්වා දුන්නේ රට තුළ බරපතළ ආර්ථික අර්බුදයක් පවතින මොහොතක රජය මෙම ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ගෙවා දැමීමට උනන්දුවක් දක්වන්නෙ ඇයිද යන්න බරපතළ ප්‍රශ්නයක් බවයි.

අදාල ඩොලර් මිලියන 500 ක මුදල ගෙවන්නේ කවුරුන් සඳහාදැයි රජය මෙතෙක් හෙළි කර නොමැති බවද ඔහු එහිදී සඳහන් කළා.

කඩිමුඩියේ සල්ලි ගෙවන්නේ රාජපක්ෂලගේ කබ්රාල්ලගේ පවුලේ හිතවතුන්ටයි නිදහස් පක්ෂයේ උප සභාපති කියයි

මේ අතර පසුගිය 16 වැනිදා ගාල්ල හබරාදූව ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කරුණු හෙළිකරමින් පවසා සිටියේ මෙලෙස බැඳුම්කර මුදල් ගෙවීමට මහ බැංකු අධිපතිවරයාට හදිසියක් ඇත්තේ රාජපක්ෂ පවුලේ ඥාතීන්ට සිදුවන පාඩුව අවම කර ගැනීමට බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙසේ ද කීවේය.

“ විදේශ ණය බැඳුම්කර ආපසු ගෙවනවා කියලා මහැබංකුව අධිපතිවරයා කිව්වා. ඩොලර් මිලියන 500ක්. කවුද ඩොලර් මිලියන 500ක බැදුම්කරවලට සල්ලි ආයෝජනය කළේ. මේ කාරණා හරියට දන්නෙ නෑ මිනිස්සු. ඔවුන් හිතන්නෙ ණය ගෙවන්න ලෑස්ති වෙනවා කියලා. නෑ… ඇත්ත කාරණේ බැඳුම්කරවල ආයෝජනය කරලා තිබෙන්නේ රාජපක්ෂලගේ අජිත් නිවාඩ් කබ්රාල්ලගෙ ඥාතියො, හිතවත්තු, මිත්‍රයෝ. ඒ මිත්‍රයන්ට වැඩි ගාණක් සල්ලි දෙන්න තියන හින්දා තමයි ඔය බැඳුම්කර ඉක්මනින් ගෙවන්නෙ. ලෝකයෙ ඉන්න සෑම ආර්ථික විද්‍යාඥයෙක්ම කියනවා, මේ වෙලාවෙ බැඳුම්කර ගෙවන්න ඕන නෑ බැඳුම්කරවලට ගෙවන්න කල් ඉල්ලන්න. ලෝකයේ සෑම රටක්ම මේ වගේ ආපදා අවස්ථාවක ණය ගෙවන්න කල් ඉල්ලනවා. දේශපාලනිකව මිනිස්සු මෝඩයො කරලා අඳබාලයො කරලා මිනිස්සුන්ගෙ ඇස් බන්දලා මිනිස්සුන්ට කියනවා අපි ණය ගෙව්වා කියලා. නෑ… එහෙම වෙලා නෑ“