මෙරට බලශක්ති ක්ෂේත්රයේදී සාමාන්‍ය ජනතාවට අසාධාරණයක් ඇති නොවීම සදහා ඔවුන්ගේ අදහස් නියෝජනය කිරීමේ ප්රමුඛ අරමුණ ඇතුව පිහිටුවන ලද මහජන උපයෝගිතා කොමිසම වසා දමන ලෙස දැනුම් දෙමින් ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට යොමු කරන ලද ලිපියක් මේ වන විට මාධ්‍යට පැමිණ තිබෙනවා.
මෙය බරපතළ අර්බුධයක් බවට පත්ව තිබෙන්නේ මෙවර අයවැය හරහා නව විදුලිබල ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරි පත් වී තිබීම හේතුවෙන්.
එමෙන්ම අමෙරිකානු ආයතනයක් හරහා මෙරටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමේ විදුලි ව්‍යාපෘතියකට පසුගිය ඔක්තෝම්බර් මාසයේ කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.
කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කළ හොත් මේ සියලු කරුණු සම්බන්ධයෙන් සිදුවන සොයා බැලීමේ සහ මැදිහත් වීමේ හැකියාවද අහිමිව යනු ඇති.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට