Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මසුන් විදීමේ ක්‍රීඩාව​, සංරක්ෂණය​, සභ්‍යත්වය සහ නීතිය​ – ආචාර්ය ජගත් ගුණවර්ධන

මසුන් විදීමේ ක්‍රීඩාව (Spearfishing) හෙවත් උලකින් (spear) ඇනීම මගින් හෝ යාන්ත්‍රික ක්‍රමයකින් විදින උලක (speargun) ආධාරයෙන් මසුන් මැරීමේ ක්‍රීඩාව යලින් සිදුකිරීමට අවසර ඉල්ලීමක් පසුගිය දිනවල අසන්නට ලැබුණි.

මෙය අමාත්‍යවරුන් දෙපලක් හරහා පැමිනි යෝජනාවක් බව සඳහන් නිසා එය විමසා බැලිය යුත්තකි.

කලක් පුරාම පැවති මේ මසුන් විදීමේ ක්‍රීඩාව හෙවත් විනෝදය පිනිස මසුන් විදීම නිසා පාරිසරික වශයෙන් සිදුවන හානි පිලිඹඳව සාකච්ඡා වූයේ මීට දශක කිහිපයක සිටය​.

මේ සාකච්ඡාවක් 1979 සිට වරින්වර මතුවු බව මවිසින් රැස්කල තොරතුරු අනුව පෙනේ.නමුත්,තවතවත් විශේශවල කරදිය මසුන් වඳවීමේ තත්වයට මුහ්හුනදීමත් සමඞ මේ මසුන් විදීමේ ක්‍රීඩාව තහනම් කරන ලෙස විවිධ පාර්ශ්ව වලින් වඩවඩාත් ඉල්ලීම් ලැබිනි.

ලොව පුරා වඳවී යාමේ තර්ජනයට දැඩිලෙස ලක්ව සිටින Napolean Wrasse / Humphead Wrasse ( Cheilinus undulatus) නම් විශේශයේ මත්ස්‍යයෙකු මෙසේ උලකින් ඇන මරාගෙන පෙනී සිටින්නෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පලවීමත් සමඟ මේ පිලිඹඳව කිමිදුම් සංගම්,සමුද්‍රජීවින් පිල්ඹඳ පර්‍යේශකයන්,සංචාරක ක්ශේත්‍රයේම විවිධ සංවිධාන,පරිසර සංවිධාන වලට අමතරව මෙම ඉල්ලීමට දායක විය​.

ඒ අනුව ධීවර සහ ජලජ සම්පත් පනතේ 28 වන වගන්තිය යටතේ පනවන ලද 2017.03.03 දිනැති අංක 2008/31 දරන අතිවිශේශ ගැසට් පත්‍රයේ පලවූ “2017 අංක 01 දරන ධීවර මෙහෙයුම්වලදී උල්කරන ලද කූරු භාවිතා කිරීම තහනම් කිරීමේ නියෝග​”(Prohibition of Spears in Fishing Operations No.01 of 2017) මගින් මසුන් විදීමේ ක්‍රීඩාවට භාවිතා කරන උල් සහ උල් යාන්ත්‍රික ක්‍රමයට විදීමේ උපකරණ භාවිතයත් තහනම් කෙරිනි.එම නියාග අනුව “කිසිම තැනැත්තෙකු විසින් ස්පියර් තුවක්කුවක් භාවිතා කිරීම හෝ සන්තකයේ තබා ගැනීම හෝ දේශීය ධීවර බෝට්ටුවක් තුල තබා ගැනීමත්,එමෙන්ම කිසිම තැනැත්තෙක් විසින් ශ්‍රී ලංකා ජල තීරය තුල ස්පියර් ගන් හෝ අතෙහි රඳවන උල් කරන ලද කූරු භාවිතයෙන් ධීවර මෙහෙයුම් වල නිරත නොවිය යුතු බවත් දක්වා තිබේ.

මේ අනුව එදිමෙන් පසු වසර තුනකටත් අධික කාලයක් පුරා මසුන් විදින ක්‍රීඩාව මෙරටේ තහනම් වී තිබේ.මසුන් විදින ක්‍රීඩාව කුමක්ද යන්න නීතිමය වශයෙන් නිර්වචනය දුශ්කර නිසා එම ක්‍රියාවට භාවිතා කරන උපකරන වලට පනවන තහනමක් හරහා ව්‍යංගයෙන් මේ ක්‍රියාව නතර කිරීම මේ නියෝගවල නීතිමය ප්‍රවේශය වී තිබේ.

මෙරට මසුන් විදීමේ ක්‍රීඩාවේදී නොගැඹුරු දියේ,විශේශිතව කොරල් පර ආශ්‍රිතවත්,කිමිදුම් උපකරන සහිතව වඩා ගැඹුරු මුහුදේත් වශයෙනුත්,අතේ ගෙනයන උල් කරන ලද ලෝහ කූරු මගින් සහ යාන්ත්‍රික ක්‍රමයට විදීමේ උපකරණ මගින් කෙරෙන මසුන් දඩයම වශයෙන් මේ ක්‍රීඩාව වෙන්කර දැක්විය හැක​.

මේ ක්‍රම දෙකෙන්ම මත්ස්‍ය විශේශ ගනනාවක් දුලබ සහ ඉතා දුලබ තත්වයට පත්වීම මෙන්ම වඳවීයාමේ තර්ජනයට ලොව පුරා මුහුනදී සිටින විශේශ මේ ආකාරයෙන් මරා දැමීමත්,විශේශයෙන් කොරල් පර ආශ්‍රිත පරිසර පද්ධතීන් වලට වන හානිකර තත්වයනුත්,මේ තීරනයට බලපෑ ප්‍රධාන කරුනු වේ.

වර්තමානයේ ඉදිරිපත්ව තිබෙන යෝජනාවත් සමඟින් මේ කරුනු යලිත් ඉදිරියට ගත යුතුව තිබේ.මීට අමතරව සලකා බැලිය යුතු කරුනු කාරනා කිහිපයක්ද වේ.

මේ වන විට ලොව පුරා ප්‍රවනතාවය වී තිබෙන්නේ පරිසරයට හෝ ජීවීන්ට හිතකර සහ විශේශයෙන් නැරඹීම පාදක කරගත් සංචාරක කර්මාන්තයකි.එමඟින් පරිසරය ආරක්ශාවීම තුලින් සංචාරක ව්‍යාපාරයේ ධරනීය භාවයත් සහතික කෙරේ.මෙහිම තවත් අංගයක් වන්නේ කිමිදී ඡායාරූප ගන්නා සංචාරකයන් වේ.

මසුන් විදීමේ ක්‍රීඩාව යලිත් අනුමත කිරීම තුලින් ටික දෙනෙකුට ලැබෙන කිසියම් ආදායමට වඩා එහි පරිසර හානිය විශාලය​.එසේම​,ශ්‍රී ලංකාව විසින් ලොවට පෙන්වන්නට උත්සාහ කරන ප්‍රතිරූපයටත් එය පරස්පර විරෝධී සහ හානිකර වන්නකි.

සතෙකු හේතුවන් නොමැතිව වේදනාවන්ට සහ වධ හිංසා වලට ලක් කිරීමත්,එසේ කිරීමෙන් විනෝදය ලබා ගැනීමත් කිසිඳු ආකාරයකින් ශිශ්ථ සම්පන්න නොවෙන සහ කිසිම ආකාරයකින්වත් අනුමත කල නොහැකි ක්‍රියාවක් වේ. මසුන් විදීමේදි දැඩි ලෙස තුවාල වු මත්ස්‍යයන් බොහෝවිට විශාල වේලාවත් පන පිටින් සිටීම සිදුවේ.මහත් වේදනාවන්ට ලක් වෙමින් සිටී.

එසේ හෙයින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුනු කිරීම විය යුත්තේ පරිසරය රැකෙන​,ධරනීය මෙන්ම අප රටේ අනන්‍යතාවය​,සභ්‍යත්වයට සහ සදාචාරයට ගැලපෙන ආකාර වලිනි.ඒවා විශේශිත සංචාරක කොටස්වලට විශාල ලෙස ආකර්ශනීය වේ.

තවද​,එය සදාචාරාත්මක සංචාරක ව්‍යාපාරය (Ethical Tourism) යන සන්නාමය තුල තිබෙන අංගෝපාංගයන් වේ.එය කල යුත්තේ නව අදහස් සහ සංකල්පයන් තුලින් මෙන්ම ලොව පුරා තිබෙන ප්‍රවනතා පිලිඹඳවත් නිසියාකාර අවභෝධය තුලින් මිස යල් පැනගිය සහ ලොව පුරා ප්‍රතික්ශේප වන නොදියුනු සහ විනාශකාරී දේවල් යලි වැලඳ ගැනීමකින් නොවිය යුතුය​.

© පරිසර නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන

About The Author