2022 දෙසැම්බර් 1

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මව්කිරිවලින් සුද ඉවත් කිරීම.

මව්කිරිවලින් සුද ඉවත් කිරීම.

ඇසෙහි සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය කෙතරම් කාලයක සිට කරගෙන එන්නකැයි ඔබ සිතනවා ද? සැබවින් ම ඊට වසර ගණනාවක ඉතිහාසයක් ති⁣බේ. ඉන්දියාවේ පැරණිතම වෙද පොත්වලින් එකක් වන්නේ සංස්කෘත භාෂාවෙන් ලියා ඇති “සුෂ්රුතා සමිතා” ය. එය ලියා ඇත්තේ ක්‍රි.පූ 600 දී පමණ ය. “සුෂ්රුතා” යනු උතුරු ඉන්දියාවේ බෙනාරස්හි (දැන් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වරනාසි) සේවය කළ වෛද්‍යවරයකු හා ගුරුවරයෙකු ලෙස සැලකේ. ඔහුගේ “සමිතා” හෙවත් දැනුම සම්පාදනය කිරීමේ ග්‍රන්ථය තුළින් වෛද්‍ය විද්‍යාව, ශල්‍යකර්ම, ඖෂධවේදය සහ රෝගීන් කළමනාකරණය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සපයයි.

සුෂ්රුතා තම සිසුන්ට උපදෙස් දෙන්නේ ඔවුන් කොතරම් හොඳින් කියවා තිබුණත්, ප්‍රායෝගික අත්දැකීම් ලැබෙන තුරු කිසිදු රෝගයකට ප්‍රතිකාර නොකළ යතු බව යි. අක්ෂි ශල්‍යකර්මවලට පෙර පලතුරු මත කැපීම් සිදු කර පුහුණු විය යුතු අතර පලතුරු බීජ පරෙස්සමින් විච්ඡේදනය කිරීමෙන් ශිෂ්‍යයාට ඇසෙහි හට ගන්නා මස් දලු ඉවත් කිරීමේ කුසලතාව වර්ධනය කර ගත හැකි විය. සැබෑ රෝගීන්ට පෙර ඔවුහු මියගිය සතුන් හා ජලය පුරවා ඇති සම් බෑග් මත ද පුහුණුවීම් කළහ.

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් ලේඛනයට අනුව ප්‍රථමයෙන් රෝගියාට ඔහුගේ හෝ ඇයගේ නාසයේ තුඩ දෙස බැලීමට උපදෙස් දෙනු ලැබිණි. ශල්‍ය වෛද්‍යවරයා රෝගියාගේ ඇහිබැම සිය මහපටඇඟිල්ල සහ දබර ඇඟිල්ලෙන් අල්ලාගෙන, ඉඳිකටුවක් වැනි උපකරණයක් භාවිතා කරමින් ඇහිබැම පැත්තකින් සිදුරු කරයි. පසුව මව්කිරි සමඟ කලවම් කර ගත් ඖෂධීය දියරයකින් ඇස සෝදනු ලැබේ. සුද සහිත අක්ෂි කාචය‍ හොඳින් දීප්තිමත් වන තෙක් ශල්‍ය වෛද්‍යවරයා විසින් එය සූරනු ලැබිණි. ඉක්මන් සුවය ලැබීම සඳහා කැස්ස, කිවිසුම් යාම, හදිසි පිපිරිම්වලට නිරාවරණය වීම හෝ ඇසේ පීඩනය ඇතිවිය හැකි සියලු අනතුරු වළක්වා ගැනීම වැදගත් විය. සැත්කම සාර්ථක වී නම් පෙර තිබුණාට වඩා කිසියම් පෙනීමක් ලබා ගත හැකි විය. එහෙත් මෙම ක්‍රමය ඉතා ප්‍රථමික වූ අතර සුද සූරා ඉවත් කිරිමේ දී අක්ෂි කාචයට හානි වීමේ සම්භාවිතාවක් ද තිබිණි.

ශිතාද සඳහා සුදු කිහිරි.

විටමින් සී අඩු වීමෙන් සෑදෙන ශිතාද හෙවත් “ස්කර්වි” රෝගය වර්තමාන සමාජය තුළ ද දක්නට ලැබේ. කුඩා දරුවන්ට මෙය වැළඳුණු විට ආහාර අරුචිය, බර අඩු වීම, වහා කිපෙනසුලු බව, සුදුමැලි වීම ආදිය දක්නට ලැබෙන අතර වැඩිහිටියන්ට නම් තෙහෙට්ටුව , හුස්ම ගැනීමේ අපහසුව, අලස බව, දත් බුරුල් වීම, ඇඟපත රුදාව ආදිය ඇති වේ. දැනට වසර ගණනාවකට පෙර එනම්, 1536 දී පමණ “ස්ටැඩකෝනා” (වර්තමාන “ක්විබෙක්” නගරය) අසල අයිස් වල සිර වී සිටි ජැක් කාටියර් නම් පුද්ගලයෙකුගේ නැව කරකියා ගත හැකි දෙයක් නොමැති ව අතරමං විය. නැවුම් ආහාර කිසිවක් නොමැති ව තාවකාලික බලකොටුවක සිර වී සිටි කාර්ය මණ්ඩලය ඉතා දරුණු රෝගයකින් පෙළෙන බව ටික දිනකින් ම දක්නට ලැබිණි. ඔවුන්ගේ මුඛය ගඳ ගැසීය, විදුරුමස් දිරාපත් විය, සියලු දත් වැටුණු අතර දත්වල මුල් පවා කුණු විය. 

මෙය කුමක්දැයි සිතා ගත නොහැකි වූ අතර කාටියර්ගේ සිත තුළ විටමින් ඌණතාවක් පිළිබඳ සැකයක් පළ විය. 1534 දී ස්ටැඩකෝනා වෙත ගිය පළමු ගමනේ දී කාටියර් විසින් එරට ජීවත් වූ “ඩොම් අගයා” සහ “ටයිග්නොග්නි” නමැති තරුණයන් දෙදෙනා පැහැරගෙන ප්‍රංශයට ගෙන ගොස් තිබිණි. මේ වන විට ඔවුන් නැවත සිය රට පැමිණ සිටිය ද, එම රටේ මිනිසුන්ට කාටියර්ව විශ්වාස නොකිරීමට සෑම හේතුවක්ම තිබුණි. එහෙත් තමාට කළ අඩත්තේට්ම් නොතැකූ “ඩොම් අගයා” කාටියර් හට “ඇනෙඩා” නම් ගසකින් කසායක් සාදා ගන්නා ආකාරය පෙන්වා දුන්නේ ය. ප්‍රංශ ජාතිකයන් මුලින් කල්පනා කළේ එය තම කාර්ය මණ්ඩලය විෂ යොදා මැරීමට කළ කුමන්ත්‍රණයක් දැයි කියාය. එහෙත් ඖෂධය අතිශය ඉක්මන් වූ අතර පසුදින වන විට කාර්ය මණ්ඩලය සුවය ලබා තිබිණි.

“ඇනෙඩා” ගසෙහි අනන්‍යතාවය නිශ්චිත නැත. නමුත් ඒ නැගෙනහිර ප්‍රදේශයේ වැඩෙන සුදු කිහිරි ගස යැයි සිතිය හැකි වේ. එය කුමක් වුවත්, එහි පෝෂණ ප්‍රබලතාව නිසා නැවියන් හට සම්පූර්ණ සුවය ලැබුණි. එහෙත් මෙම රෝගය වසර 200 කට වැඩි කාලයක් තිස්සේ නැවියන්ගේ ජීවිත බොහෝ ගණනක් බිලි ගත්තේය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.