Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මර්දනයට ආවොත් ජනතාව සාමුහිකව නීති කඩා පෙන්වයි – මේ එන්නේ ඊළඟ අරගලය නවත්තන්න 

පසුගියදා සම්මත කරනු ලැබූ මාර්ගගත ආරක්ෂණ පනත මගින් ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ආයතන වලට එරෙහිව නීති පැනවීමට තරම් ඇතැම් පිරිස් අනවබෝධයෙන් යුතුව කටයුතු කර ඇති බවත් මෙම පනත සම්මත කිරීමේ සැබෑ අරමුණ ජනතාවගේ අදහස ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කරමින් මීළඟ අරගලය වෙනුවෙන් ජනතාව පෙළ ගැසීම වැලැක්වීමට බවත් ආසියානු මාධ්‍ය සහයෝගිතා ආයතනයේ දකුණු ආසියානු කලාපීය උපදේශක ආචාර්ය රංග කලන්සූරිය පවසනවා.

MEE MASSOO TV සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ගෝලීය තොරතුරු අවකාශයක් ඇති සමාජ වටපිටාවක මෙම නීති සකස් කිරීමට මැදිහත් වූ ඇතැමුන් ශ්‍රී ලංකාව වටා ලෝකය භ්‍රමණය වන බව සිතා කටයුතු කරන පටු මානසික මට්ටමින් ක්‍රියාකරන බවයි.

මාර්ගගත ආරක්ෂණ පනත සම්බන්ධයෙන් මේ වන විට  ක්ෂේත්‍රයේ විද්වතුන් එක්ව සංශෝධන රැසක් ඉදිරිපත් කර ඇති බවත් එම සංශෝධන අදාළ පනතට ඇතුළත් කිරීමට රජයේ පාර්ශවයෙන් එකඟත්වය පළ කර ඇති බවත් සඳහන් කළ ආචාර්ය රංග කලංසූරිය ඒ ඔස්සේ පනතේ අහිතකර භාවය යම් මටමකින් අවම කිරීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවද සඳහන් කර තිබෙනවා.

නමුත් පනත ගෙන ඒම සඳහා ආණ්ඩුවට පැවති හදිසිය පනතට අදාළ සංශෝධන ගෙන ඒම සඳහා රජයේ පාර්ශවයට නොමැති ආකාරයක් පෙනී යන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් රජය මෙම පනත හරහා දිගින් දිගටම ජනතාව පීඩාවට පත්කරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වන බවත් ජනතාව මෙවැනි නීති රීති වලට බිය නොවී සාමුහිකව නීති උල්ලංඝනය කර පෙන්වනු ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා. 

ආචාර්ය රංග කලන්සූරිය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනාරාල්වරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

About The Author