Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අපි හමුදාවේ දෙතුන්දාහක් එක රැයෙන් මැරුවා – කර්නල් කරුණා අම්මාන්

තමන් විසින් අලිමංකඩ දී හමුදා සෙබළුන් දෙතුන් දහසක් එක රැයකින් මරා දැමූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පවසනවා.

ඔහු මෙවර මහ මැතිවරණය සඳහා ද ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටිනවා.

පසුගියදා අම්පාර ප්‍රදේයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ මෙවර ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරමක් ලබා ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දුන්න ද තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කළ බවයි.

“මට මහින්ද අගමැතිතුමා කතා කළා මේ පාරත් ලැයිස්තුවෙන් එන්න මහන්සි වෙන්නෙ ඇයි කියල.මම කිව්ව මේ පාර මම ඉල්ලලම එන්නම් කියල,කර්තිව් සභපති කියල තිබුණා මම කොරෝනාවට වඩා බරපතලයි කියල, ඔව් මම එහෙම තමයි,කොරෝනාවෙන් මැරුනෙ 9ක් විතරයි.අපි එක රැයෙන් අලිමංකඩ දි හමුදාවේ 2000 ක් 3000 ක් මැරුවා.තේරෙනව නේ?කිලිනොච්චියෙත් දහස් ගානක්.

කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා විසින් සිදු කළ එම ප්‍රකාශය 2020.06.19 දින සිරස TV / News1st ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා විකාශනය වුණා.

About The Author