තමන් බියර් එකක් හෝ පානය කරන්නෙකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කියා සිටිනවා.
තමා සහ ආදර්ශා කරඳනව සම්බන්ධ කරගනිමින් හුවමාරු වෙන හඬ පටය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරනවා.
සමාධි පදනම හා සාකච්චාවක් වෙනුවෙන් ඇය රාජ්‍ය නොවන සංවිධානයක් නියෝජනය කරමින් එදින මාතරට පැමිණි බවත් ඔවුනට නවාතැන් ගන්නට ස්ථානයක් නොමැති වීම නිසාවෙන් මෙලෙස හෝටලයක නවාතැන් ගත් බවත් ,සමාධි පදනමෙන් එම පිරිසගේ නවාතැන් සහ ආහාර සඳහා පමණක් මුදල් ගෙවූ බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.
ඇයත් සමඟ තවත් එක් අයෙකු හෝ දෙදනෙකු සිට තිබෙනවා.
තමන්ගේ විවාහයද මතින් තොරව පැවැත්වූ බව සිහි කරන පතිරණ මහතා කියා සිටින්නේ වසර හතරක් පමණ පැරණි මෙම හඬ පටයෙන් පසුවද තමන් අමද්‍යප සංගම් කිහිපයක් සමඟ සමිපව වැඩ කටයුතු කළ බවයි.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි