ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ විසින් අද රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එහිදී ඇය පැමිණිලි කර ඇත්තේ තමන් බ්ලු මවුන්ටන් සමාගමේ හිමිකරු සමග රටින් පැන ගිය බව පවසමින් පසුගිය දිනවල අසත්‍ය පුවතක් පලකිරීම හරහා තමන් සහ දරුවන් දැඩි පීඩාවකට පත් වූ බවයි.
දේශපාලකයන්ගේ පුද්ගලික ජීවිතය පිළිබඳ සොයා බැලීමට මාධ්‍යට සහ ජනතාවට අයිතියක් ඇති නමුත් අඹුදරුවන් ට මද අවලාද නැගීම බෙලහීන පුද්ගලයන්ගේ කටයුත්තක් බවත් ය මාධ්‍යයට අදහස් පළකරමින් සඳහන් කළා.
විමල් වීරවංශ මහතා පිළිබඳ තමන්ගෙන් නොඅසන ලෙසත් තමන් දේශපාලනයට සම්බන්ධ නැති බවත් පැවසු සෂි වීරවංශ මහත්මිය පුද්ගලික කාරණා මත කාන්තාවන්ට අපහද කිරීම කිසිසේත් පිළිගත නොහැකි බවද සඳහන් කළා.
එබැවින් මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණ සිදුකර වරදකරුවන්ට දඬුවම් දෙන ලෙසද ඇය ඉල්ලා සිටියා.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක