Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“මන්නාරම් කරවල” හදන්න කොළඹින් කුණු මාළු ඇදලා

කරවල සැදීම සදහා බව පවසමින් කොළඹ සිට මන්නාරම දක්වා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ මාළු කිලෝ 3000 ක් පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

පුත්තලම නගරයේ අදාළ ලොරි රථය නවතා ඇති අතර එයින් හැමූ අධික දුගද හේතුවෙන් අවට සිටි පිරිස් ඒ පිළිබද උනන්දු වී තිබෙනවා.

අනතුරුව ඔවුන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ඇති අතර ඔවුන් විසින් අදාළ ලොරි රථය පරීක්ෂා කර බැලීමේදී අදාල කුණු මාළු තොගය සොයාගෙන තිබෙනවා.

ලොරි රථයේ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ මෙම මාළු තොගය කරවල සැදීම සදහා රැගෙන යන බවයි.එමෙන්ම තවත් කොටසක් සත්ව ආහාර නිෂ්පාදනය සදහා යොදා ගන්නා බවයි.

අනතුරුව එම කුණු මාළු තොගය පුත්තලම නගර සභාවේ කසල අංගනයට රැගෙන ගොස් විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පියවර ගනු ලැබුවා.

පුත්තලමේ සහ මන්නාරමේ කරවල වලට විශාල ඉල්ලුමක් ඇති නමුත් මෙවැනි වංචනික කටයුතු හේතුවෙන් අදාල නිෂ්පාදන පිළිබද පාරිභෝගික ආකර්ශණය බිද වැටීම කණගාටු දායක බවයි වැටලීම සිදුකළ පුත්තලම නගරසභාවේ පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.සුරේෂ් මහතා පවසා ඇත්තේ.

About The Author