පාර්ලිමේන්තු ලේකම් ධම්මික දසනායක මහතා ශ්‍රී ලංකා මධ්‍යම බැංකුවට අයත් ගොඩනැඟිලි කිහිපයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා බදු ගැනීමට සූදානම් වෙමින් සිටියි.
මේ වන විට මාදිවෙල ප්‍රදේශයේ තනවා තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයත් නිළ නිවාසවල හිඟයක් පවතින බැවින් තමාට මෙම තීරණය ගැනීමට සිදු වූ බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ය.
වැඩිදුරටත් කරුණු දක්වමින් දසනායක මහතා කියා සිටියේ මේ වන විට පැරැණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන් ලබා ගෙන තිබෙන නිළ නිවාස භාර දී ඉන් ඉවත් ව යා යුතු ව තිබුණ ද, එම මන්ත්‍රීවරුන්ගෙන් 25 දෙනෙකු පමණ අදටත් අනවසරයෙන් සිය නිළ නිවාසවල රැඳී සිටින බව යි. එහෙයින් නව මන්ත්‍රීවරුන් හට නිළ නිවාස ලබා දීමේ දී රජය බෙහෙවින් අපහසුතාවට පත් ව සිටියි.
දසනායක මහතා පවසන අන්දමට මේ වන විට නව පිරිස වෙනුවෙන් නිවාස සියයක පමණ අවශ්‍යතාවක් ඇති වී තිබේ.


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්