පාර්ලිමේන්තු ලේකම් ධම්මික දසනායක මහතා ශ්‍රී ලංකා මධ්‍යම බැංකුවට අයත් ගොඩනැඟිලි කිහිපයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා බදු ගැනීමට සූදානම් වෙමින් සිටියි.
මේ වන විට මාදිවෙල ප්‍රදේශයේ තනවා තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයත් නිළ නිවාසවල හිඟයක් පවතින බැවින් තමාට මෙම තීරණය ගැනීමට සිදු වූ බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ය.
වැඩිදුරටත් කරුණු දක්වමින් දසනායක මහතා කියා සිටියේ මේ වන විට පැරැණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන් ලබා ගෙන තිබෙන නිළ නිවාස භාර දී ඉන් ඉවත් ව යා යුතු ව තිබුණ ද, එම මන්ත්‍රීවරුන්ගෙන් 25 දෙනෙකු පමණ අදටත් අනවසරයෙන් සිය නිළ නිවාසවල රැඳී සිටින බව යි. එහෙයින් නව මන්ත්‍රීවරුන් හට නිළ නිවාස ලබා දීමේ දී රජය බෙහෙවින් අපහසුතාවට පත් ව සිටියි.
දසනායක මහතා පවසන අන්දමට මේ වන විට නව පිරිස වෙනුවෙන් නිවාස සියයක පමණ අවශ්‍යතාවක් ඇති වී තිබේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට