Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මන්ත්‍රී දීමනා වැඩි කරන්න කියා මම ඉල්ලුවේ නෑ – කිරිඇල්ල කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීමට කටයුතු කලයුතු යැයි තමා යෝජනා කළ බව දක්වමින් පසුගිය දිනවල ජනමාධ්‍ය සහ සමජ මාධ්‍ය ජාල රැසක පුවතක් පල වූ බවත් එය සම්පූර්ණයෙන්ම පදනමක් නොමැති පුවතක් බවත් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

ඔහු සදහන් කළේ මන්ත්‍රී දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් හෝ කිසිදු මන්ත්‍රීවරයෙකු නව යෝජනාවක් ඉදිරිපත් නොකළ බවයි.

නමුත් මන්ත්‍රීවරුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී කරුණු සාකච්ඡා වූ බවත් එහිදී මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් 2006 වසරේදී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා විසින් ඉදිරිපත් කොට සම්මත වී ඇති යෝජනාව පිළිබද තමා පක්ෂ නායකයන්ගේ අවධානය යොමු කළ බවත් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නා.

මෙවැනි තත්වයකදී කිසි විටක මන්ත්‍රී දීමන පිළිබද කතා කිරීම නොසුදුසුය යන ස්ථාවරය තුල තමන් සිටින බව ද සදහන් කළ කිරිඇල්ල මහතා කිසියම් කණ්ඩායමක් විසින් කරුණු විකෘති කරමින් සිදුකළ අදාල පුවත නිවැරදි කර දෙන ලෙසද කතානායකවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කළා.

එහිදී කිරිඇල්ල මන්ත්‍රීවරයා සිදුකල ප්‍රකාශය පහළින්..