ජාතික සභාවේ සභාපති වශයෙන් තවමත් පිළිගත හැක්කේ හුවාන් ගයිදෝ පමණක් ම බව යුරෝපා සංගමය පැවසීය.
වෙනිසියුලාවේ නියම ජනාධිපතිවරයා කවුරුන්ද යන වගට පසුගිය සති කිහිපය පුරාවට ගැටලු පැවතිණි. ඒ, හියුගෝ චාවේස්ගේ අනුප්‍රාප්තිකයා වන නිකලස් මදුරෝ බලයට පත් වූයේ පිළිගත නොහැකි නිළවරණයකින් බවට විපක්ෂය චෝදනා එල්ල කිරීමට පටන් ගත් නිසා ය.
කෙසේ වුවත් මේ වන විට වෙනිසුවෙලාවේ ප්‍රාන්ත පණහකට වැඩි සංඛ්‍යාවක් පිළි ගන්නේ තම රටේ නියම නායකයා විපක්ෂ නායක හුවාන් ගයිදෝ බව ය. මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම පිණිස ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතුවත්, එයිනුත් වාසිය ලැබුණේ මදුරෝගේ පක්ෂයට යි. ඒ අනුව මදුරෝ නොවේ නම් “ලුයිස් පරා” ජනාධිපති වශයෙන් පිළිගන්නා ලෙස තීන්දුව ලැබුණි.
එනමුත් ගයිදෝ හැර අන් කිසිවෙකු නායකයා ලෙස පිළි ගැනීමට ජනතාව මෙන් ම තම සංගමය ද සූදානම් නොවන බවට යුරෝපා සංගමය ස්ථිර වශයෙන් ප්‍රකාශ කිරීමට යෙදුණේ පසුගිය සතියේ ය. මන්දයත් විශාල වශයෙන් තෙල් සංචිත ඇති වෙනිසුවෙලාව වැනි රටක ආර්ථිකයේ බිඳ වැටීමට සම්පූර්ණයෙන් වග කිව යුතු වන්නේ නිකලස් මදුරෝ බව එම සංගමය නිගමනය කර ඇති හෙයිනි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්