ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පූර්ණ බලතල සහිත ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා වෙත උපදෙස් ලබාදී ඇත.
ඊට අදාළ සාකච්ඡාවක් ඉකුත් සතියේ අගහරුවාදා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවත්විණි. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායට ශක්තියක් වීම වෙනුවෙන් මෙම විශේෂ කාර්යාලය පිහිටුවීමට නියමිතය.
පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් විශේෂ පනතක් යටතේ මෙයට අදාල බලතල ලබාදීමට සැලසුම් කර තිබේ.
රටට මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට මෙන්ම රට අභ්‍යන්තරයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් කොටු කිරීම ආදි කටයුතු වෙනුවෙන් වෙනම ආරක්ෂක කොට්ඨාශයක් ස්ථාපිත කිරීම ආදි කරුණු මුල් කර ගනිමින් මෙම කාර්යාලය පිහිටවනු ඇත.
මේ වන විට ඊට අදාල බලතල සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡා ආරම්භ වී තිබේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි