Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“මඩ කන්දරාවක ඉන්න මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා කියනවා එයාට මඩ ගහන්න එපාලු” – රාජිත, කොරෝනාවෙන් මාධ්‍ය හමුව කරකවයි

  • “ජනාධිපතිතුමාගෙ කටවචනෙ නම් චක්‍රලේකය, ඇයි මෙච්චර හදිස්සි, රේගුවෙ හිරවුණු ටෙස්ට් කිට් ටික ගන්න ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න බැරි?”
  • “එයාලට ඕන උනේ නිකං හම්බුණු ටෙස්ට් කිට් ටිකට කලින් අර සමාගම ගෙන්නපු ටික වෙළඳපොළට දාන්න”
  • “දෙවනිදා ටෙන්ඩර් අවසන් කළා. 5වෙනිදා වෙද්දි සමාගම බඩු ගෙනල්ලත් එවරයි”
  • “මඩ කන්දරාවක් ගහපු මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා කියනවා එයාට මඩ ගහන්න එපාලු”

රජය විසින් කෝරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ක්‍රියාවලියේදී ඇතැම් ව්‍යාපාරිකයන්ගේ උවමනාවන්ට ප්‍රමුඛත්ව‍යක් දී කටයුතු කරන බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා චෝදනා කර සිටිනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද දින (10) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින්.

අප්‍රේල් මාසයේ සිට සෞඛ්‍ය විශේෂඥයින් මෙම රැපිඩ් පරීක්ෂණ කට්ටල ගෙන එන ලෙස උපදෙස් දුන් නමුත් රජය විසින් එය නොසලකා හැර සිට හදිසියේම ඔක්තෝබර් 28 වනදා ටෙන්ඩර් කැඳවා නොවැම්බර් 2වනදා ටෙන්ඩර් කැඳවීම අවසන් කළ බවත් 5 වනදා වන විට එම පරීක්ෂණ කට්ටල යම් සමාගමක් විසින් මෙරටට ගෙන්වා අවසන්ද කළ බවත් එම මහතා පෙන්වා දෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම පරීක්ෂණ කට්ටල ලක්ෂ 5ක් පොරොන්දු වී ඇති බවත් ඉන් කට්ටල 50,000ක් පසුගියදා ලැබුණු බවත් නෙදර්ලන්තයෙන් ගෙන්වූ පරීක්ෂණ කට්ටල එක් ලක්ෂ පනස් දහසක් රේගුවේ සිර වී ඇති බවත් එම මහතා පවසනවා.

“දැන් ජනාධිපතිතුමා කියනවනේ මගේ කටේ වචනෙ තමයි චක්‍රලේකය කියලා. ඇයි මෙච්චර හදිස්සි ටෙස්ට් කිට් ටික ගන්න ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න බැරි? ඇයි මේ අනිත් ඒවට තියෙන හදිස්සිය මේවට නැත්තේ? ඇයි මේ පුද්ගලික සමාගමේ ඒවට මෙච්චර හදිස්සියක්? හේතුව එයාලට ඕන උනේ මේ හැමදේටම කලින් මේ සමාගමේ බඩු ටික වෙළඳපොළට ගේන්න

මේවා හෙළි කරනකොට මාධ්‍ය ප්‍රධානියා කියනවා මඩ ගහන්න එපාලු, මාධ්‍ය සදාචාරයක් තියෙනවලු. මඩ කන්දරාවක් ගහපු, මඩ කන්දරාවක ඉන්න මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා කියනවා එයාට මඩ ගහන්න එපාලු. ඔවාදෙනු පරහට – තමා සම්මතයේ පිහිටා සිට” යැයි එම මහතා පවසයි.

About The Author