තමන්ට පිත්තල හන්දියේදී බෝම්බ ගැසූ ප්‍රභාකරන් පසුව නන්දිකඩාල් කලපුවේදී බල්ලෙක් මෙන් ඇදගෙන ඒමට තමන් කටයුතු බව සිහිපත් කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අවශ්‍ය නම් තැනට එසේද කටයුතු කළ හැකි බව සදහන් කළා.
ඒ ගම සමග පිළිසදරක් වැඩසටහන් මාලාවේ පස්වන වැඩසටහන් සදහා අද අම්පාර ලාහුගලප්‍රදේශයේදී එක වෙමින්.
තමන් පාදඩ දේශපාලනය ප්‍රතික්ෂේප කරන බවත් පසුගියදා විපක්ෂයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තමන්ට නන්දසේන රාජපක්ෂ යනුවෙන් අමතමින් සමච්චල් ආකාරයෙන් කතා කල බවත් පැවසු ජනධිපතිවරයා තමන්ගේ නම නන්දසේන බව කීමට තමන් පසුබට නොවන බවද සදහන් කළා.
තමන්ට ආරක්ෂක ලේකම් ලෙස හා ජනාධිපති ලෙස චරිත දෙකක් ඇති බවත් ඇතැම් භික්ෂුන්වහන්සේ තමන්ගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන් මදක් සැරවී ක්‍රියා කරන ලෙස බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.
අවශ්‍ය නම් ඒ තත්වයට ගෙන ඒමටද හැකිබව ද පෙන්වා දුන් ජනාධිපති රාජපක්ෂ මහතා තමන්ට පිත්තල හන්දියේ දී බෝම්බ ගැසූ ප්‍රභාකරන් බල්ලෙකු සේ නන්දිකඩාල් වලදී මරාදැමු බවද සිහිපත් කළා.
අත නොහැර කියවන තැන
බස් ගාස්තු වැඩිකරන්නේ නෑ – ගැමුණු
විදුලි බිල නැවත වරක් ඉහළට?
අදත් තද වැසි