Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බෙලාරුස් ජනතාව හිරේ.

බෙලාරුස් රාජ්‍යය තුළ දිගු කලක් තිස්සේ පැවති නායක ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝට එරෙහි මහජන උද්ඝෝෂණ මධ්‍යයේ, රට පුරා අවම වශයෙන් පුද්ගලයින් 1000ක් පමණ අත්අඩංගුවට ගෙන සිටින බව විරෝධතාකරුවෝ පවසති.

විරෝධතා ආරම්භ වීමෙන් පසු එක් දිනක් තුළ වාර්තා වූ විශාලතම රැඳවුම් සංඛ්‍යාව එයයි. අගෝස්තු මාසයේ සිට රඳවාගෙන සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 25,000 ඉක්මවන බව විශ්වාස කෙරේ.

වසර 26 ක් රට පාලනය කළ ලුකෂෙන්කෝ ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා විරෝධතාකරුවන් පාරට බැස ඇති දහහතරවන සතිය පසුගිය ඉරිදා දිනයේ දී සනිටුහන් විය.

31 හැවිරිදි රාජ්‍ය විරෝධී විරෝධතාකරුවෙකු වූ රෝමන් බොන්ඩරෙන්කෝගේ මරණයෙන් පසු උද්ඝෝෂකයින් බොහෝ දෙනෙකු කුපිත වී සිටින බව පෙනේ. ඔහු රඳවා ගෙන සිටි සමූහ රැඳවුම් කඳවුරේ ආරක්ෂක අංශ විසින් බොන්ඩරෙන්කෝ හට දැඩි ලෙස පහර දීමෙන් පසු බ්‍රහස්පතින්දා මින්ස්ක්හි රෝහලක දී ඔහු මිය ගිය බව පෙළපාලිකරුවෝ සහ පවුලේ සාමාජිකයෝ පවසති.

බොන්ඩරෙන්කෝ මිය යාමට පෙර කියූ වචන වූ “I’m going out”( මම පිටතට යමි) යන වචන ලියූ පුවරු රැගත් උද්ඝෝෂකයින් අධික කෝපයෙන් යුතුව වීදි පුරා කෑ ගසමින් සිටින බව පෙනේ.  මින්ස්ක්හි පිහිටි “ස්ක්වෙයාර් ඔෆ් චේන්ජ්”හිදී ඔහුට පහර දෙන ලදී. එය සියලු විරෝධතාකරුවන් ඔහු දුටු අවසාන අවස්ථාව විය. බොන්ඩරෙන්කෝ චිත්‍ර ශිල්පියෙකු වූ අතර හමුදාවේ සේවය කර තිබිණි.