බිත්තර සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිලක් අද (15) දිනය තුළ අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරිය පෙන්වාදෙන්නේ, අධිකරණය විසින් සිදුකළ දැනුම්දීමට අනුව එම නව සංශෝධිත මිල ප්‍රකාශයට පත් කරන බවයි.
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (14) තීන්දු කළේය.
බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉදිරිපත් කළ පෙත්සම කැඳවු අවස්ථාවේ අධිකරණය එම නියෝගය ලබාදුන්නේය.
ඒ අනුව බිත්තර සඳහා නව මිලක් කඩිනමින් නියම කරන ලෙස ද අභියාචනාධිකරණය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කළේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට