Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බැසිල් එළදෙනගේ පස්ස කෑල්ල සොයා ගනී – වගකීම රනිල් පිට පටවයි

මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග තීව්‍ර බල අරගලයක යෙදී සිටින රාජපක්ෂ පවුල වෙනුවෙන් බැසිල් රාජපක්ෂ වෙනස්ම ආකාරයක ප්‍රකාශයක් කරමින් “අපිට තියෙන්නේ එළදෙනගේ ඉස්සරහ කෑල්ල විතරයි. පස්සා කෑල්ල තියෙන්නේ වෙන තැනක” යනුවෙන් පවසා ඇත.

සිරස රූපවාහිනිය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර ඇති ඔහු තවදුරටත් අවධාරණය කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන්ගේ වගකීමක් නොමැති බවය.

බැසිල් රාජපක්ෂ මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්තේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු විසින් පත්කරගත් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ගවලට එරෙහිව ගොඩනැගෙන ප්‍රබල ජනමතය හමුවේය.

එම සාකච්ඡාවේදී පළමුව මහා මැතිවරණයක් ලබා ගැනීමට රාජපක්ෂ පවුලේ තිබෙන අපේක්ෂාව තවදුරටත් ඉදිරියට ගෙනයන අතර රනිල් වික්‍රමසිංහට එරෙහිව සියුම් ප්‍රහාරයක්ද දියත් කර තිබේ.

About The Author