කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ තවත් සේවිකාවන් 220 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඊයේ (05) රාත්‍රී වනවිට එම නියැදියේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වූයේ 101 ක් ලෙසය.
ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 321කි.
හඳුනාගන්නා ලද තවත් ආශ්‍රීතයන් රැසකගේ කොවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකළ PCR පරීක්ෂණ වල වාර්තා අද දිනයේදී ලැබීමට නියමිතය.



අත නොහැර කියවන තැන
පානීය ජලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ
ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්
වසා දැමු මාර්ග 159ක් යළි විවෘත කෙරේ