බස්නාහිර පළාතේ සහ අනෙකුත් ප්රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය හෙට අලුයම 5.00 ට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
වැඩිදුර දැනුම් දෙන තුරු පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා වන බවද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියා.
වැඩිදුර දැනුම් දෙන තුරු පොලිස් බල ප්‍රදේශ කිහපයක් හුදෙකලා වනු ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.
ඒ අනුව, මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්පාස් , මාලිගාවත්ත , දෙමටගොඩ ,වැල්ලම්පිටිය , කෙසෙල්වත්ත සහ බොරැල්ල හුදකලා වනු ඇති.
වැඩිදුර දැනුම් දෙන තුරු කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය සහ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශය , කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහ නගර සභා පොලිස්බල ප්‍රදේශය , කුලියාපිටිය පොලිස් වසම, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා වනු ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.
වැඩිදුර දැනුම් දෙන තුරු ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහපයක් හුදෙකලා වනු ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.
ඒ අනුව, වත්තල, පැලියගොඩ , කඩවත, රාගම,මිගමුව, පමුණුගම, ජා ඇල , සපුගස්කන්ද හුදකලා වනු ඇත


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්